කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් නිකුත් කරන ලද වරෙන්තුවකට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතාව කොටුව පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අද දිනයේ කොටුව පොලිස් ස්තානයට පැමිණ බාර වීමෙන් පසු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියෙකුට බලපෑම් කළ බවට එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් වන නඩු විභාගයට ඊයේ (23) දින මන්ත්‍රීවරයා සහභාගී නොවීම මෙම වරෙන්තුව නිකුත් කිරීමට හේතු විය.
ඒ අනුව, ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාරගේ මහතා විසින් නියෝග කර තිබිණි.

මේ බටහිර නාටකයක එක කොටසක්. අර්චුනා එහි ප්රධාන නලුවා. මේවාට රැවටෙන්න එපා.
ReplyDelete