රිය අනතුරකට මුහුණ දුන් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතාට අදාළ වෛද්‍ය වාර්තාව මේ වන තෙක් ලැබී නොමැති බවට පොලිසිය පවසයි.
අනතුරට සම්බන්ධ මන්ත්‍රීවරයාගේ මෝටර් රථයේ යාන්ත්‍රික පරීක්ෂණ වාර්තාව පමණක් මේ වන විට පොලීසියට ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් මහතා පෙන්වා දෙයි.
අදාළ වාහන පරීක්ෂණ වාර්තාවට අනුව, අශෝක රන්වල මහතා ධාවනය කළ රථයේ තිරිංග නිසි නඩත්තුවකින් තොරව තිබී ඇති අතර, තිරිංග පද්ධතියේ දෝෂයක් පැවති බව එහි සඳහන් වේ.
කෙසේ වෙතත්, වෛද්‍ය වාර්තාව ලැබුණු පසු අශෝක රන්වල මන්ත්‍රීවරයාට එරෙහිව ගත යුතු ඉදිරි නීතිමය පියවර පිළිබඳ තීරණය කරන බව සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
ඇයි කඩවල් වල තිබිලා නැද්ද ගන්න ?
ReplyDeleteබ්රේක් කිලෝ 1-2 ක් හැමතිස්සේම වාහනේ තියාගන්න එපායැ.
බොරු කියද්දි කටේ බ්රේක් නැති එවුවන්ගේ වාහනවල බ්රේක් තියේවිද?
ReplyDeletewhere is the backbone of Police?, where is the system change? is this a man?
ReplyDeleteසමාවන්න නඩුකාරතුමනි පහුගිය ගංවතුර ගැලීම හේතුකොටගෙන අප පොලීසිය සතු මත්වතුර පරීක්ෂාකරන බැලුන් සියල්ල විනාශ වී ඇතිබව දන්වමි..
ReplyDelete