තම නිලධාරීන්ට මහ පාරේ පහරදෙන ආණ්ඩුවට කඩේ යන්න පොලිස්පතිට ලැජ්ජා නැද්ද...

තම නිලධාරීන්ට මහ පාරේ පහරදෙන මන්ත්‍රීවරුන් සිටින මාලිමා ආණ්ඩුවට කඩේ යන්න පොලිස්පතිවරයාට ලැජ්ජා නැද්දයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රශ්න කරයි.

වර්තමාන පොලිස්පතිවරයා හැසිරෙන්නේ රටේ පොලිස්පතිවරයා ලෙස නොව මාලිමාවේ පොලිස්පතිවරයා ලෙස බව ඒ මහතා පැවසීය.

ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා පොලිස් නිලධාරියකුට පහර දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දක්වමින් මේ බව පැවසූ නාමල් රාජපක්ෂ මහතා තවදුරටත් කියා සිටියේ මෙවැනි ක්‍රියා හරහා පොලිස් නිලධාරීන් ස්වාධීනව තම රාජකාරි ඉටු කිරීමට පසුබට වන බවයි.

වත්මන් ආණ්ඩුවේ ක්‍රියා කලාපය දෙස බලන විට සිස්ටම් එක හොඳටම චේන්ජ් වී ඇති බව පෙනෙන්නට ඇතැයි පවසන මන්ත්‍රීවරයා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් රාජපක්ෂවරුන්ට එදා චෝදනා කළ වත්මන් ආණ්ඩුවේ මන්ත්‍රීවරු අද ගංජා වගා කරන තැනට පත්ව ඇතැයි පෙන්වා දුන්නේය.

මාලිමා ආණ්ඩුවේ මන්ත්‍රීවරයාට සම්බන්ධ ගංජා වගාවක් වැටලු පොලිස් නිලධාරීන් විවිධ තාඩන පීඩන වලට ලක් කර ඇති බව පවසන නාමල් රාජපක්ෂ මහතා ගංජා වැටලු එක් නිලධාරියෙක් ස්ථාන මාරුකර අනෙක් නිලධාරියාට මහමඟදී අදාළ මන්ත්‍රීවරයා පහර දී තිබෙන බව අනාවරණය කළේය.

හිටපු කතානායක අශෝක රන්වල සිදු කළ රිය අනතුරේදී ඒ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් නොපවත්වා දේශපාලන බලය යොදවා එය යටගැසීමට උත්සාහ කළ ආණ්ඩුව ඒ පිළිබඳව පරීක්ෂණ සිදු කළ පොලිස් නිලධාරීන්ට ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවට චෝදනා කළේය.

ගංජා හේන වැටලූ පොලිස් නිලධාරීන් නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගත් අවස්ථාවේ ඒ මන්ත්‍රීවරයාම පැමිණ පොලිස් නිලධාරියාට පහර දෙන විට පොලිස්පතිවරයා කිසිදු ලජ්ජාවකින් තොරව මාලිමාවේ පොලිස්පතිවරයෙක් ලෙස හැසිරෙන බව නාමල් රාජපක්ෂ මහතා පවසයි.

5 Comments

  1. Punarudaya ........coming colours not good......

    ReplyDelete
  2. ත්‍රිවිධ හමුදාව ගණිකා සේවයේ යොදවපු ජාතියක් ජම්මයක් නැති පවුලක එකෙක් මරු කියෝනව. ඇතුලට ගියාම මකවල ගනී.

    ReplyDelete
    Replies
    1. උන් කරපු දේම කරන්නද මුන් ආවේ.මෝඩ තකතීරු කතා නොකියා හිටු

      Delete
  3. ජනපති අගමැති මැති ඇමති නිතීපති පොලිස්පති පුරපති සභාපති ඇතුළු සියලු රාජ්‍ය නායකයින්ගේ ලැජ්ජ නහර කපලා පතිවත විනාශ කරගෙන පාරක තොටක වස්ත්‍ර ඇඳගෙන යන්න බැරි තරමට පත්වෙලා.දෙවියන් කෝප වෙලා. පොලො තලය කම්පා වෙලා.දෙවියන් මව්බිමට යක්ෂයෝ ඵවලා.රටම අඳ වෙන්න ඉස්සෙල්ලා තනතුරු වලින් ඉල්ලා අස්වෙයල්ලා.

    ReplyDelete
  4. මල් සුගන්දේ දම් සුගන්දේ සිල් සුළං රැල් පාවෙලා
    සම්බුදුන් සම්භාවනීයයි සාදු සාදු වන්දනා //

    මිහින්තලාවයි දහම් අමාවයි ශාන්ත අනුබුදු නාමයයි
    කාට කාටත් මේ කියන්නේ ශාසනේ ඉතිහාසයයි //
    රත්නමාලී සෑ රදුන් මේ බඹුන් පුජා ලබයි
    මේ මහා ගල් මුල් කියන්නේ ඒ උතුම් අභිමානයයි //

    මල් සුගන්දේ ....

    රැල් නගා හෝ ගා ගලන්නේ ජාතියේ ජය පානයයි
    සිංහලේ විකුමන් කියන්නේ මේ පොළොන්නරු දේශයයි //
    දාගැබයි මහ මේඝයයි නිල්වන් ගුවන් ගැබ යාවුණේ
    ගල් කුළින් සිත්තම් වුණාදෝ මෙත් සිහිල් කරුණා ගුණේ //

    මල් සුගන්දේ ....

    මහ රජුන් තුන් සිංහලේ මෙහෙමයි එදා දස්කම් කළේ
    මේ උතුම් දහමින් තමා ලේ මස් පවා විස්කම් කළේ //
    ධීරවීරයි පූජනීයයි නෑ නිමක් ගුණ ගායනේ
    සිව් මහා දෙව්දුන් රකීවී මේ අපේ බුදු ශාසනේ //

    ReplyDelete
Previous Post Next Post