බැක්ටීරියා විස සහිත , වමනය පාලනය කිරීම සඳහා ලබා දෙන Ondesterone Injection එන්නට ලබාදීමෙන් පසු සිදුව ඇති ප්‍රශ්න සහගත රෝගී මරණ සම්බන්ධයෙන් සහ කළුතර ගල්ලැස්ස මාතෘ රෝහලේදී ගර්භනී මවක් සිසේරියන් සැත්කම අතරතුර ලබා දෙන ලද ප්‍රතිජීවක ඖෂධයක් ආසාත්මික වීම මත මිය යාම යන සිදුවීම්ද, එකම සමාගමකින් ගෙන්නන ලද ඖෂධ දහයකට වැඩි ප්‍රමාණයක් එකවර ඖෂධ නියාමන අධිකාරිය මගින් භාවිතාවෙන් ඉවත් කිරීමට ගන්නා ලද තීරණයත් පදනම් අදාළ සම්පූර්ණ සිදුවීම සම්බන්ධයෙන් අපරාධ විමර්ශන පරීක්ෂණයක් සිදු කරන ලෙසට වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් භාරදී ඇත.
හිටපු සෞඛ්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පාලන කාලයේදී හිටපු ඖෂධ නියාමන අධිකාරියේ විධායක අධ්‍යක්ෂවරයා විසින් නිසි ලියාපදිංචියෙන් තොරව ඖෂධ ගෙන්වන ලද අන්දමටම , වර්තමාන ඖෂධ නියාමන අධිකාරිය හා වර්තමාන රාජ්‍ය ඖෂධ සංස්ථාව නිසි පරිදි අනුගමනය කළ යුතු පූර්ව හා ඖෂධ රෝහලට බෙදා දීමෙන් පසුව අහඹු ලෙස සාම්පල පරික්ෂා කිරීම් මෙන්ම එම එන්නත් කුප්පි තුළට බැක්ටීරියා මිස ඇතුළත් වීමේ යාන්ත්‍රණය සම්බන්ධයෙන්ද මේ අන්දමට දිගින් දිගටම ඖෂධ බාල වීමට හේතුවන සමාගම් හරහා ඖෂධ ප්‍රසම්පාදනය, තාක්ෂණික කමිටු ඇගයීම, ඖෂධ තොග ඇස්තමේන්තු කිරීම, එම ඖෂධ තොග සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් අනුමත කිරීම, සම්පූර්ණයෙන් භාවිතයෙන් ඉවත් කරන ඖෂධ නැවත වරක් භාවිතා කරන ලෙසට වරින් වර චක්‍රලේඛ නිකුත් කිරීම ඇතුළු නොසැලිකිළිමත් ක්‍රියා රැසක් සම්බන්ධයෙන් මෙම පැමිණිල්ලෙන් අවධාරණය කොට ඇත.
අතර වීදුරු කැබිලි තිබීම නිසා සම්පූර්ණයෙන්ම භාවිතාවෙන් ඉවත් කරන ලද කල් ඉකුත් වූ ප්‍රතිජීවක ඖෂධ යක් යළි භාවිතා කිරීමට ඖෂධ නියාමන අධිකාරිය උපදෙස් දීම සම්බන්ධයෙන් ද මෙම විමර්ශනයේදී අවධානයට ලක් කරන ලෙස එම පැමිණිල්ල මගින් ඉල්ලා ඇත.
මෙවැනි ක්‍රියා හරහා වර්තමාන ඖෂධ නියාමන අධිකාරිය හා සෞඛ්‍ය අමාත්‍යාංශය කෙරෙහි මහජන විශ්වාසය කඩවන බැවින්ද මේ සෞඛ්‍ය පද්ධතියේ කඩා වැටීම සම්බන්ධයෙන් තමන් විසින් මීට පෙර දිගින් දිගටම පෙන්වා දෙන ලද කරුණු නොසලකා හැරීම හරහා මනුෂ්‍ය ඝාතන සිදුවීම සාපරාදී අපරාධයක් බව ද එම පැමිණිල්ල මගින් පෙන්වා දී ඇත.
හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රබුක්වැල්ල අමාත්‍යවරයාට හා ඖෂධ නියාමන අධිකාරියේ ඇතුළු සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන්ට විරුද්ධව කටයුතු කළ අන්දමටම කඩිනමින් විමර්ශනයක් සිදුකොට වගකීම් නීතිය හමුවට පැමිණවීමට කටයුතු කරන ලෙස වෛද්‍ය චමල් සංචිය මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන් ඉල්ලා සිටියි.
මීට සමගාමී ලෙස මෙහිදී සිදුවී ඇති බරපතල ආර්ථික ලාභය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙසත් වගකිවයුත්තන් නීතිය හමුවට පමුණුවන ලෙසට අල්ලස් කොමිසම හමුවේද පැමිණිල්ලක් ගොනුකොට ඇත.

දනිස්ස තව tv interview එකක් කරන්න
ReplyDeleteAllergies are happening every year.
ReplyDeleteMedia try to capitalize this as political gain..
Then doctors will allow expensive medicine with high commission..
But
Allergies are happening every year.
කෙහෙළිය වැරදි නම් නලින්දත් හිරේ දැමිය යුතුයි..නලින්ද නිවැරදි නම් කෙහෙළියත් නිදහස් කළ යුතුයි
ReplyDelete