ෂමින් පණ්ඩිතරත්න - ඉතාලියේ සිට
ශ්‍රී ලංකාවේ අවතැන් වූවන්ට සහන සැලීමට යැයි පවසා ඉතාලියේ සිටින සමාජ ක්‍රියාකරුවකු රුපියල් ලක්ෂ 25කට ආසන්න මුදලක් (යුරෝ 6500) වංචා කර ඇතැයි ඉතාලියේ එම පරිත්‍යාගශීලිහු චෝදනා කරති.
අවතැන් වූවන්ට සහන සැලසුවැයි භාණ්ඩ ලබාගත් බවට එම සමාජ ක්‍රියාකරු විසින් ඉදිරිපත් කළ බිල්පත් පරීක්ෂා කිරිමේදී එහි සඳහන් නම් වලින් එවැනි ආපනශාලා සහ වෙළඳසල් නොමැති බවද ඔවුහු පවසති.
ශ්‍රී ලංකාවට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ගංවතුර සහ නායයෑම්වලට ගොදුරුවී ඇති දිස්ත්‍රික්කවල ජනතාවට අවශ්‍ය කෑම බීම, බෙහෙත් හේත්, ඇඳුම් පැළඳුම් හා අනෙකුත් අවශ්‍ය සහන සැලසීමට ශ්‍රී ලංකාවේ නොයෙකුත් ප්‍රදේශවල ජීවත්වන විශාල පිරිස් මෙන්ම ලෝකයේ විවිධ රටවල ජීවත්වෙන විදේශගත ශ්‍රී ලාංකිකයන්ද ඉමහත් උත්සාහයක යෙදෙමින් ව්‍යසනයට ගොදුරුවු තම සහෝදර ජනතාවට සහන සැලසීම සඳහා ඒකරාශී වූහ.
ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ශ්‍රී ලංකාවේ අවතැන්වූවන්ට සහන් සැලසීම සඳහා තමන්ගේ ගිණුමට මුදල් බර කරන ලෙස දැන්වීම් පළකර තිබුණි.
එසේ ලබාදුන් යූරෝ 6500 ට එනම් රුපියල් ලක්ෂ විසිපහකට අධික මුදලක් ඉතාලියේ නාපෝලි නගරයේ වෙසෙන සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු විසින් කූට ලිපි ලේඛන හා ව්‍යාජ බිල්පත් ඉදිරිපත් කරමින් එම මුදල් වංචා කර ඇති බවට ඊට ගොදුරු පරිත්‍යාගශීලීන් චෝදනා කරති.
මෙවැනි සමාජ ක්‍රියාකාරීන් හෝ සමාජ සංවිධාන වෙස්ගත් කූඨ ජාවාරම් කාරයන්ට හසු නොවෙන ලෙසත් තමන් විසින් ලබා දෙන ආධාර නිසි කලමනාකාරිත්වයෙන් යුතුව අවතැන් වූ ජනතාවට සහන සැලැස්වීමට විශ්වාස තැබිය හැකි රජයක් වර්තමානයේ ඇති බවත් රජය විසින් නම් කරන ලද ගිණුම්වලට මුදල් බැර කරන ලෙසත් ඉතාලියේ ශ්‍රී ලාංකික සංවිධාන විදේශගත ශ්‍රමිකයන්ගෙන් ඉල්ලීමක් කරයි.
Lankadeepa

Aniwaa Maalima/JVP porak wenna oonee
ReplyDeleteමගුලක් කියන්න එපා. අර මහින්ද ගොට්ටා නපුංසක දෙම් පසන් තමයි පොර.
Deleteආණ්ඩුවේ ගිණුම් වලට සල්ලි එනවා අඩුයි වගේ, ඒකට ගහපු ගැටයක්ද කොහෙද.
ReplyDeleteවසංගත සමරෙ තමයි ශුවර් පිට
ReplyDelete