අපදා මරණයකට කලින් දුන්නේ ලක්‍ෂ දෙකයි.. අපි ලක්‍ෂ දහයක් දෙනවා..

 


කලින් ආපදා මරණයක් සඳහා ලබා දුන්නේ ලක්‍ෂ දෙකක් වුවත් දැන් ඒ ලක්ෂ දහයක් දක්වා වැඩිකර ඇති බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රවින්ද‍්‍ර සෙනරත් මහතා සඳහන් කරයි.

නිවාස වන්දිද රුපියල් ලක්ෂ පනහ ලක්ෂ සීය දක්වා ඉහළ දමා ඇති බවද ඔහු පැවසීය.

කාලගුණ ආපදාවත් පසු ඉතාම කෙටි කාලයකින් රට ගොඩනැගීම සඳහා වැඩපිළිවෙලක් තම රජය සතු බවද ඒ මහතා කියා සිටී.

ආපදාවට පත් මාර්ග පිළිසකර කිරීමේ වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.


4 Comments

  1. ඔව්! දියයුතු තමයි. ලක්ෂ දහයක නො වෙයි ඊටත් වැඩියෙන් දෙන්න පුළුවන් කම ඇති කළ යුතු යි. මනුෂ්‍ය ජීවිතය මුදලින් තක්සේරු කළ නො හැක. එසේ වුවත් තම පවුලේ සාමාජිකයාගේ ජීවිතය අහිමි වීමෙන් තම පවුලට පිරිමැසිය නො හැකි පාඩුවක් සිදු වී ඇත. එහි පාඩු මිල කළ නො හැක. ඒ පවුලේ සාමාජිකයාගේ සජීවත් ඥාතීන්ට වූ පාඩුව අද කාලයේ හැටියට මූල්‍ය වටිනාකමකින් වන්දි දෙන්නේ නම් එම මුදල් වලින් කළ හැකි කාරයයන් එදාට වඩා අද සීමිත ය. භාණ්ඩ හා සේවා වටිනාකම් වැඩි වී ඇති බැවිනි. ආණ්ඩුවේ වගකීම් හරිහැටි ඉටු නො වීම හේතුවෙන් ජල ගැලීම් ඇති වීමෙන් ජීවිත හානි දේපොළ හානි වී ඇති බව නීතියානුකූල බවින් ඔප්පු වුවහොත් , තරාතිරම නො බලා එයට වගකිවයුත් රජයේ සැමදෙනාගෙන් ම පුද්ගලික ධනයෙන් අතිරේක වන්දි මුදලක් වශයෙන් , ඒ ජීවිත හානි වීම හා දේපොළ හානි වීම වූ පවුල්වලට වන්දි දීමට සැලැස්විය යුතු ය. 2019 පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ව ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දු මෙයට පූර්වාදර්ශ සපයනවා ඇත.

    ReplyDelete
    Replies
    1. ලක්ෂ 10 මොනව කරන්න ද බං..මුලු .පවුලටම හම්බ කරල ජිවත් කරපු එකානං මැරිලා තියෙන්නෙ

      Delete
  2. not sure if there's an npp mp by the name ravindra senarath

    ReplyDelete
  3. කාලකණ්නි, ඊ ළඟ ව්‍යසනයෙදිත් මිලියන දාහක් වෙන් කරල නිදාගෙන හිටපියව්.

    ReplyDelete
Previous Post Next Post