දකුණු පළාත් මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
මෙම අවස්ථාවට මෙරට මැණික් ව්‍යාපාරයේ නිරත විශාල පිරිසක් එක්ව සිටි අතර, එහිදී අමාත්‍යවරයා විසින් ක්ෂේත්රයේ ප්රගමනය උදෙසා රජය ගැනීමට අපේක්ෂිත තීරණ කිහිපයක් අනාවරණය කලේය.
අමාත්‍යවරයා සඳහන් කළේ නව රජයේ පළමු පියවරක් ලෙස ආනයනය කරන මැණික් සඳහා එක් පාර්සලයකට එක් බද්දක් පමණක් අය කිරීමට තීරණය කර ඇති බවයි.
මෙම ක්‍රමය යටතේ අදාළ මැණික් පාර්සලයේ අඩංගු මැණික් ප්‍රමාණය හෝ එහි වටිනාකම බදු අය කිරීම සඳහා පදනම් කර නොගන්නා බවත්, මැණික් මෙරටට ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය උපරිමයෙන් පහසු කිරීම රජයේ අරමුණ බවත් ඔහු අවධාරණය පැවසීය.
ලෝකයේ ඕනෑම රටක මැණික් ප්‍රදර්ශනයකදී Ceylon Blue Sapphire සහ Ceylon Gem යන නාමයන්ට ඉහළම වටිනාකමක් ලැබෙන්නේ මෙරට ශිල්පීන් සතු මැණික් සඳහා අගය එකතු කිරීමේ සුවිශේෂී හැකියාව නිසා බව අමාත්‍යවරයා ප්‍රකාශ කලේය.
රළු මැණික් ගලකට නිසි වටිනාකම, හැඟීම සහ ගෞරවය ලබා දිය හැකි ශිල්පීය ඥානය ඇත්තේ මෙරට ජනතාවට බව ඔහු පෙන්වා දුන්නේය.
මෙතෙක් කල් මැණික් කර්මාන්තයේ ආදායම ලෙස රජය සලකා ඇත්තේ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට ලැබෙන ගාස්තු වැනි දෑ වුවද, සැබෑ ආදායම ලැබිය යුත්තේ අගය එකතු කිරීමේ ක්‍රියාවලිය හරහා බව ඔහු වැඩිදුරටත් සඳහන් කලේය.
දැනට මැණික් ආනයනයේදී සහ අපනයනයේදී පවතින අධික බදු බර මැණික් කර්මාන්තයට බාධාවක් වී ඇති බැවින්, මෙම සහන හරහා මැණික් මෙරටට ගෙන්වා මෙරට ශිල්පීන් ලවා අගය එකතු කර ප්‍රතිඅපනයනය කිරීම මගින් රටේ ආදායම වැඩි කිරීමට රජය අපේක්ෂා කරන බවත් මෙම ක්‍රියාවලිය සරලව තේරුම් ගැනීමට කටු මැටි ගොඩක් මෙරටට ගෙන්වා, එයින් ඉතා වටිනා රූප අඹා ලෝකයට විකිණීම වැනි කටයුත්තක් බවත් පැවසූ ඔහු රජය උත්සාහ කරන්නේ මැටි ගොඩට බදු ගැසීමට නොව, ඒ හරහා නිර්මාණය වන වටිනා නිර්මාණයෙන් රටට ප්රතිලාභ ලබා ගැනීමට බවත් කියා සිටියේය.

එකටත් කෙළින්න යන්නෙ
ReplyDelete