"අද වන විටත් අවතැන් වෙච්ච, ගොවි බිම් අහිමි වෙච්ච, වගා බිම්, ගේ දොර අහිමි වෙච්ච , ජීවිත නැති වුණ මිනිසුන්ට කථා බහ කරලා මේ ප්‍රශ්නයට සාර්ථක විසඳුමක් ලබා දෙන්න ආණ්ඩුවට උවමනාවක් නෑ.ජනාධිපතිතුමා කොච්චර පාර්ලිමේන්තුවට ඇවිත් පොරොන්දු දුන්නත්, ජනාධිපතිතුමන්ගේ භාෂාවෙන්ම කියනවා නම් ඇත්ත කියනවා නම් එළියේ කියන්න, බොරු කියනවා නම් පාර්ලිමේන්තුවේ කියන්න කියනවානේ. ඉතින් ජනාධිපතිතුමා ඒ උපදේසය එතුමා පෙර පරිදී පුරුද්දට වගේ ඒ විදිහටම හැසිරෙනවා." යැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ අභාවප්‍රාප්ත හිටපු බන්ධනාගාර හා ප්‍රථිසංස්කරණ නියෝජ්‍යය අමාත්‍යය , හිටපු අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.සී මුතුකුමාරණගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණී අවස්ථාවේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කීපයකට පිළිතුරු ලබා දෙමින්ය.
මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා
"ආණ්ඩුව හිතනවා කොළඹ සහ ඔවුන් වර්ථමානයේ ආශ්‍රය කරන මිනිස්සු අතර තමයි දේශපාලනය තියෙන්නේ කියලා.ගම් වල අද වන විටත් අවතැන් වෙච්ච, ගොවි බිම් අහිමි වෙච්ච, වගා බිම්, ගේ දොර අහිමි වෙච්ච , ජීවිත නැති වුණ මිනිසුන්ට කථා බහ කරලා මේ ප්‍රශ්නයට සාර්ථක විසඳුමක් ලබා දෙන්න ආණ්ඩුවට උවමනාවක් නෑ.
ජනාධිපතිතුමා කොච්චර පාර්ලිමේන්තුවට ඇවිත් පොරොන්දු දුන්නත්, ජනාධිපතිතුමන්ගේ භාෂාවෙන්ම කියනවා නම් ඇත්ත කියනවා නම් එළියේ කියන්න, බොරු කියනවා නම් පාර්ලිමේන්තුවේ කියන්න කියනවානේ, ඉතින් ජනාධිපතිතුමා ඒ උපදේසය එතුමා පෙර පරිදී පුරුද්දට වගේ ඒ විදිහටම හැසිරෙනවා. ඩයස්පෝරාව ඔවුන්ට උදව් කරන්න ඇති, හැබැයි ගංවතුරින් අවතැන් වූ ජනතාවට උදව් කරාද කියලා අපි දන්නේ නෑ.
අයි.එම්.එෆ් එකෙන් ලැබුනේ ණය, ඉතින් ඒවා මේ රටේ මහජනතාවගේ බදු මුදල් වලින් ගෙවන්න ඕන, ණය වලින් ආධාර දුන්නොත් ආර්ථිකයට ආදායමක් නෑ, මේ ණය ආයෝජනය කලොත් ආර්ථිකයට ආදායමක් තියෙනවා.අපි ණය අරන් ආයෝජනය කරපු අය, ණය අරන් කන්න බොන්න දීපු අය නෙමෙයි.
හැබැයි මේ රටේ ගොවියාගේ ගොවි බිම සරුසාර කරලා, ධීවරයාගේ ආරාජපක්ෂට ශක්තිමත් කරලා ජනතාවට කන්න බොන්න පුලුවන් විදිහට ආර්ථිකයක් හදපු දේශපාලන බලවේගයක්, අපි ගත්ත ණය ආයෝජනය කලේ යටිතල පහසුකම් හදන්න, ඉතින් මම හිතනවා පළවැනිම දේ ආණ්ඩුව ගණනය කරලා තියෙනවාද මේ වෙච්ච පාඩුව? ආධාර ලැබෙනවා , මුදල් ලැබෙනවා.මේක ඇති ඒ හින්දා භය වෙන්න දෙයක් නෑ කියන ආණ්ඩුව වර්ථමානය වන විට ගණනය කරලා තියෙනවාද මේ ආපදාව නිසා ලංකාවට අත්වෙච්ච හානිය.ඉතින් එහෙම ගණනය නොකර කටට එන ඒවා කිව්වාම පහුකාලීනව ප්‍රශ්න වෙයි."යැයි පැවසීය.

ඩෝබි බලකාය වහා නැගිටිවු! ඇත්ත කියන්න නාමල්ට ඉඩදෙන්න එපා
ReplyDeleteAthha? Rajapakshala? Ayyo Uba Ganja Gahalada?
Deleteහරි හරි ඔන්න එක ඩෝබියෙක් ආව
Deleteඔව් උඹලෑ තාත්තල බාප්පල මුත්තල ජනතාව ගැන කලින් හොයල බලපු හින්ද මිනිස්සුන්ට උඹලව පෙන්නන්න බැරි උනා. ඊට පස්සෙ ඔක්කොම එකතු වෙලා මුන්ව පත් කරගත්ත. පව් උඹල ... නෙහ් :)
ReplyDeleteලණු කාපු ගොං තඩියෙක්
Deleteරාජපක්ස වයිරය ලන්කාවෙ මිනිස්සුන්ගෙ ඔලුවලින් හෝදන්න බැරි විදියට පලාන්ට් කරල ඉවරයි. ඩයස්පෝරාව මේක ඉතාමත් සාර්තකව කරල තියෙන්නෙ. මොන ගොන් කතා කිවුවත්, මොනතරම් ගොන් වැඩ කලත්, හුරේ දාන මිනිස්සුන්ගෙ ඇතුලාන්තය ඕකයි. මේ ආන්ඩුව හොරකන් කරන්නෙ නැතුව රට ගොඩ යනව කියල හිතාගෙන ඉන්නෙ. කුඩු සුපිරියට අල්ලනව කියල හිතාගෙන ඉන්නෙ. මේ ඇමතිල බුද්දිමත් කියල හිතාගෙන ඉන්නෙ. ආපදා කලමනාකරනය හරියට කරල ආදාරත් පිලිවලට අන්දි දෙනව කියල හිතාගෙන ඉන්නෙ.
ReplyDeleteරාජපක්ස නම කෙලෝ ගත්තෙ උන් කරපු පර වැඩ නිසා. කොහේවත් යන උන් ඇවිත් උන්ට කෙලෙව්වෙ නෑ. උන් අදත් ඔහොම ගුටි නොකා ඉන්නෙ ලංකාවෙ මිනිස්සු ගැරඬි මරල පවි කරගන්නෙ නැති හන්දා.
Deleteකොහොම කිව්වත් මේ අවුරුදු පහ යනකොට පොන්නමල් ඇතුළෙ. නාකි මයින වලේ. සිරි සිරි ලිය ට ගොනා ගහන්න වෙන්නෙ.
Deleteකොහොම කිව්වත් මේ අවුරුදු පහ යනකොට පොන්නමල් ඇතුළෙ. නාකි මයින වලේ. සිරි සිරි ලිය ට ගොනා ගහන්න වෙන්නෙ.
Deleteමගේ රටට දළදා හිමි සෙවණයි..
ReplyDeleteමගේ දැයට දළදා හිමි සරණයි..
සැපතින් සපිරුණු නිවහල් දෙරණයි
උපතින් මා හට මේ හැම උරුමයි...
මගේ රටට දළදා හිමි සෙවණයි..
මගේ දැයට දළදා හිමි සරණයි..
සැපතින් සපිරුණු නිවහල් දෙරණයි
උපතින් මා හට මේ හැම උරුමයි...