ව්‍යවස්ථා සභාව සීමාව ඉක්මෙවුවා.. ජනපති යැවූ චාටඩ් එකවුන්ටන්ලා හතරටම බෑ කිව්වා.. විගණකාධිපති පරක්කු ඒකයි...

 


විගණකාධිපතිවරයා පත් කිරීමේදී ව්‍යවස්ථාදායක සභාව රාජ්‍ය යාන්ත්‍රණය කඩාකප්පල් කිරීම සඳහා පටු අරමුණු මත රැඳෙමින් තම සීමාව ඉක්මවා කටයුතු කර ඇතැයි කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

"කාටවත් මේක අභියෝගයට ලක් කරන්න බැහැ. ජනාධිපතිවරයාට හිමි බලතල අනුව සුදුසුකම් ලැබිය හැකි අය තමයි ජනාධිපතිවරයා මේ නම් කරලා යවලා තියෙන්නේ. මේ සියලු දෙනාම චාටඩ් එකවුන්ටන්ලා. ජනාධිපතිවරයා අවස්ථා දෙකකදී ඉදිරිපත් කළා.. ස්ථීර විගණකාධිපතිවරයෙක් සඳහා නාමයෝජනා දෙකක්.

මේ සියලු දෙනාම සුදුසුකම් සහිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් ඉල්ලා සිටින නිර්ණායකවලට සුදුසු පුද්ගලයින්. ඒ වගේම තවත් නම් 2ක් ඉදිරිපත් කළා.. විගණන දෙපාර්තමේන්තුවේ දැනට ඉන්න ජ්‍යේෂ්ඨතම විගණන නිලධාරීන්.

මෙලෙස නම් ඉදිරිපත කරලා තිබියදීත් ව්‍යවස්ථාදායක සභාව ඒ අනුව කටයුතු නොකරනවා නම් ඉන් පෙන්නුම් කරන්නේ මේ රාජ්‍ය යාන්ත්‍රණය හෝ රාජ්‍ය යාන්ත්‍රණ ක්‍රියාවලිය කඩාකප්පල් කරන්න හිතාමතාම ඔවුන් කටයුතු කරනවා කියන එක.

ව්‍යවස්ථාදායක සභාවට අයිතියක් නැහැ..එවන නම් ව්‍යවස්ථාවේ ආකාරයට සුදුසු නම්, ඒ ඕනම කෙනෙක් විගණකාධිපති ධුරයට ගැලපෙනවා නම්, ඊට වඩා සුදුසු කෙනෙක් එළියේ ඉන්නවා යැයි පවසා ඒ නම් ප්‍රතික්ෂේප කරන්න.

ජනාධිපතිවරයාට ව්‍යවස්ථානුකූලව පැවරී ඇති බලයක් තිබෙනවා. ඒ අනුව තමයි ජනාධිපතිවරයා මෙතෙක් වැඩ කළේ. ඒ අනුව ඉදිරියටත් වැඩකටයුතු කරයි. ව්‍යවස්ථාදායක සභාවට අපි කියන්නේ ඔබට ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල අනුව කටයුතු කරන්න. රට ඉදිරියට ගෙනයෑම ගැන සිතා කටයුතු කරන්න. ඔබගේ පටු සීමාවන් ඇතුළේ කටයුතු කිරීම සුදුසු නැහැ."

මාස අටකට අධික කාලයක් විගණකාධිපති ධුරය හිස්ව පැවතීම සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (30) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව පැවසීය.

11 Comments

  1. ගොන් නලින්දය මු හිතන් ඉන්නේ ඔක්කොම මිනිස්සු හරක් කියල කාලකන්නි ජෙප්පෝ වගේ. මු කියන විදියට රාජ්‍ය කඩාකප්පල් කරන්න හදන්නේ මුන්ගේමේ ඇතුලේ උන්.

    ReplyDelete
    Replies
    1. කාට කියන්නදDecember 31, 2025 at 8:16 AM

      ඌ ගොනෙක් නෙමේ බං. ඌ හිතන් ඉන්න එකේ එච්චර වැ‍රැද්දක් නෑනේ. ඔක්කොම ගොන්නු වෙන්න ඕන නෑ, බහුතරය ගොන්නු උනාම හොඳටම ඇතිනේ. ඔය 68 ලක්ශයක් හිටියේ.. පුන්නක්කු උන් ඉල්ලගෙන කෑවේ. ඒ වුනාට කමක් නෑ අපිට පුන්නක්කු ඕන කියලා.

      Delete
  2. ගොන් තඩියෝ. යකෝ... විඝනකාධිපති කෙනෙක් දැම්ම ගමන් තොගේ බාල බෙහෙත් වලට මිනිස්සු මාරුවට තෝව ගස් යනවා. ඔය පරක්කු කරන්නේ තෝව බේරන්න. නිකන් ව්‍යවස්ථා සභාව තරහ කරගන්නේ නැතිව ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. විරංග වීරසේකරDecember 31, 2025 at 8:13 AM

      ඇත්තටම ඉතින් ඌ ගොනෙක් නෙමේ. ඒකනේ ඔය හොඳ එකෙක් පත් නොකර දූශිතයෙක්ව පත් කර ගන්න වලි කන්නේ. මුන්ට ඡන්දෙ දුන්න උන් තමයි ගොන්නු, තාමත් කඩේ යන උන් තමයි මී ගොන් තඩි. ගොන්නු නෙමේ ගොන් බඳින කණු.

      Delete
    2. දෙවියන්ගේ සාපය වේවා!December 31, 2025 at 8:18 AM

      මෙහෙම අමන, දූශිත, උද්දච්ඡ, පඩත්තල පාහර ‍රැලක් පත් කිරීමට, දැන දැනම චන්දය දුන් ආගම, ජාතිය, රට පාවා දුන් පාහර මිනිස් වෙස් ගත් සක්කිලියන්ට සාප වේවා! සාප වේවා !! සාපම වේවා!!!

      Delete
    3. විධායක ජනාධිපති ඉන්නේ මුන්ගේ යටතේ. 2/3ක බලතල තියෙනවා, දැන් මේ දූශිතයෙක් පත් කර ගැනීම කාලය පිලිබඳ ප්‍රශ්නයක් විතරයි.

      Delete
  3. ඇයි හලෝ එතනම ඉන්න ඊළඟ මහත්තයව පත් නොකරන්නෙ? දැන් මාස ගානක් වැඩ මලන්නෙ එයා නේ? එයා ස්වාධීන වෙයි කියලා නේද පත් නොකර ඉන්නෙ?

    ReplyDelete
    Replies
    1. ස්වාධීන මනුස්සයෙක් පත් වෙච්ච ගමන්ම මෙයාලගේ හොරකම් ඔක්කොම ටික මාට්‍ටු වෙනවා. එතකොට ගෙදර යන්න වෙන දවස ඉක්මන් වෙනවා. රෙදි සේරම ගැලවෙනවා. ඉතින් කරන්න තියෙන්නේ එක්කො අමු පාහර ගොට්ටෙක් දාන්න ඕන විගණකාධිපති විදියට, අර ඕනම කක්ක ගොඩක් හෝදලා දාන වලං ශානි වගේ එකෙක්. නැත්තන් එහෙම එකෙක් දාගන්න ඕන විදියට ව්‍යවස්ථා සභාව වෙනස් කරන්න ඕන. හොඳටම විශ්වාසයි ඊලඟ සතියේ ව්‍යවස්ථා සභාව වෙනස් කරයි.

      Delete
  4. Simple. Allow the next senior with a Chartered qualification. Stop the bad precedent followed by the Presidents, bringing outsiders (henchmen) to this important position. The public is well aware your people want to appoint your henchman (though he/she is a CA). Majority public are not fools like yours.

    ReplyDelete
    Replies
    1. හිටපු ජවිපේ ත්‍රස්ථවාදීන්December 31, 2025 at 8:11 AM

      Are you nuts??? Then how can they hide their corruptions anymore? Are you going to save them?

      Delete
  5. https://www.marxists.org/archive/lenin/by-title.htm

    ReplyDelete
Previous Post Next Post