පැරදුනු අයවැය සම්මත කරන්න නොනැවතී ඩීල් දමති..

 


කොළඹ මහා නගර සභාවේ 2026 වර්ෂය සඳහා වන අයවැය යෝජනාවලියට අදාළ දෙවන ඡන්ද විමසීම එළඹෙන බදාදා (31 වනදා) පැවැත්වීමට නියමිතය. 

පසුගිය සඳුදා පැවති පළමු අයවැය ඡන්ද විමසීමේදී එය පරාජයට පත්වීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

නගරාධිපතිනී ව්රායි කැලී බැල්තසාර් (Vraie Cally Balthazaar) මහත්මිය විසින් සභාවට ඉදිරිපත් කරන ලද මෙම අයවැය යෝජනාවලියට පක්ෂව ඡන්ද 57ක් ලැබුණු අතර, ඊට විපක්ෂව ඡන්ද 60ක් හිමි විය. ඒ අනුව වැඩි ඡන්ද 03කින් අයවැය පරාජයට පත් විය.

නැවත පැවැත්වීමට නියමිත මෙම තීරණාත්මක ඡන්ද විමසීම එළඹෙන බදාදා පෙරවරු 10:00 ට නගර සභා ශාලාවේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

දෙවැනි වටයේදී අයවැය සම්මත කර ගැනීම සදහා විවිධ ආකාරයේ සාකච්චා පැවැත්වෙමින් ඇතැයිද වාර්තා වෙයි. 

2 Comments

  1. පරද්දන්න ඡන්දේ දෙන සියලු මන්ත්‍රීවරුන්ට අපගේ ප්‍රණාමය.

    ReplyDelete
  2. හොරණේ වගේ විනාඩි 5 කලින් ආවනම් හරි.

    ReplyDelete
Previous Post Next Post