විපතට පත් රට යළි ගොඩනැංවීමේ කටයුතු සඳහා සහාය අපේක්ෂා කරමින් ජාත්‍යන්තර පරිත්‍යාගශීලීන්ගේ සමුළුවක් කැඳවීමට රජය සැලසුම් කරන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත් හේරත් මහතා ඬේලි මිරර් පුවත්පතට ප්‍රකාශ කර ඇත.
අමාත්‍යවරයා පැවසුවේ ලෝක බැංකුව විසින් අදාළ රජයේ ආයතන සමඟ එක්ව දැනට සිදු කරමින් පවතින අවශ්‍යතා තක්සේරු කිරීමේ කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව මෙම සමුළුව පැවැත්වීමට නියමිත බවයි.
ජාත්‍යන්තර පරිත්‍යාගශීලීන්ගේ සමුළුවක් කැඳවීමට රජය අදහස් කරන්නේද යන්න විමසූ විට, අමාත්‍ය හේරත් මහතා පිළිතුරු දුන්නේ "ඔව්, අපට එවැනි සැලැස්මක් තිබෙනවා" යනුවෙනි.
මීට පෙර, අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සමස්ත හානිය ආසන්න වශයෙන් එක්සත් ජනපද ඩොලර් බිලියන 6-7ක් (US$ 6–7 billion) ලෙස ඇස්තමේන්තු කළේය.
ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා මූල්‍ය සම්පත් බලමුලු ගැන්වීම පිණිස රජය විසින් දැනටමත් 'යළි ගොඩනගමු ශ්‍රී ලංකා අරමුදල' (Rebuilding Sri Lanka Fund) ස්ථාපිත කර ඇති අතර, ව්‍යාපාරික නායකයින්ගේ දායකත්වයන් ඇතුළුව මෙතෙක් රුපියල් බිලියන 3.4කට අධික පරිත්‍යාග ප්‍රමාණයක් එම අරමුදලට ලැබී තිබේ.

ප්ලීස් එපා. Kiwwe IMF eke wedatane
ReplyDeleteLankacnews wimalta sinhalath be wage
Sajith hoday wage
බල්ටි ශූරයා
Delete