රට සහලින් ස්වයංපෝෂිතයි.. මදි පාඩුව රටින් ගේනවා...- ලාල් කාන්ත


ඉදිරියේදී රට තුළ සහල් හිඟයක් හෝ කෑමට සහල් නොමැතිව යන තත්ත්වයක් ඇතිවීමේ කිසිදු ප්‍රශ්නයක් නොමැති බවත් මේ වන විටත් සහලෙන් රට ස්වයංපෝෂිත කර ඇති බවත් කෘෂිකර්ම ඇමති කේ.ඩී. ලාල් කාන්ත මහතා අවධාරණය කරයි.

ඇමතිවරයා පවසන්නේ අනාගතයේදී සහල් පිළිබඳ ප්‍රශ්නයක් එයි කියා කවුරු හෝ සිතා සිටින්නේ නම්, එවැන්නක් ඇත්තේම නැති බවයි.

කෙසේ වෙතත්, ඇතැම් අවස්ථාවලදී සමහර සහල් වර්ග රටින් ගෙන්වීමට සිද්ධ වී ඇති බවත් මෙය රටේ වී හෝ සහල් නොමැතිකම හේතුවෙන් සිදු නොවන බව ඔහු පැහැදිලි කළේය.

ඇමතිවරයා පෙන්වා දෙන්නේ  සම්බා, නාඩු, කීරි සම්බා වැනි සහල් වර්ග මෙපමණ ප්‍රමාණයක් යැයි නිශ්චිත ඉලක්කවලට අනුකූලව වගා කරගන්නේ නම්, අපට කිසිසේත්ම පිටින් සහල් ගෙන්වීමට සිදු නොවන බවයි.

උත්සව සභාවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

3 Comments

  1. ස්වයංපෝෂිත නම්‍ මොකටද බුරැවො රටිනි ගේන්නෙ.

    ReplyDelete
  2. Wasantha punurudaya is happing without any mercy people. Keep it up Lal.

    ReplyDelete
  3. ෂෝට් කට් එකක්නම් තියයනවා. හැබැයි ටිකක් දුරයි...!!! එක්කෝ මුන්ට පිස්සු නැත්නම් හිතාගෙන ඉන්නේ අපිට පිස්සු කියල.

    ReplyDelete
Previous Post Next Post