කුණාටුවට කැඩී ගිය ඇලබැම්ම වැලි කොට්ට හත්දහසකින් හදයි...

 


බදුල්ල දිස්ත්‍රික්කයේ ඌවපරණගම ඌමාඇල වාරිව්‍යාපෘතියේ ගැටහවුල්පත අසන්නයේ ඇලබැම්ම පසුගිය දා ඇති වූ ආපදා තත්ත්වයෙන් සම්පූර්ණයෙන්ම නාය යාමට ලක්වූ අතර එය වැලි කොට්‍ට 7,000 ක් පමන යොදාගනිමින් දින 7ක් තුල සම්පුර්ණයෙන් හානි වූ ඇල බැම්ම ප්‍රතිසංස්කරණ කරන ලද අතර අවහිරවී තිබූ පේරවැල්ල ඌමාඇල අමුණද මිට සමගාමීම පිළිසකර කරන ලදී.

මෙම ඇල ව්‍යාපෘතිය කිලෝමීටර 17 ක් පමණ දීර්ඝ වන අතර ගොවි පවුල් පන්දහසකට අධික ප්‍රමාණයක් සිය ගොවිතැන් කටයුතු සිදු කරනු ලබයි.

බදුල්ල දිස්ත්‍රික්කය පුරා විනාශ වූ වාරී පද්ධති 1020ක් ප්‍රතිසංස්කරණය කර මහ කන්නයට දියවර ලබාදීම උදෙසා සිදු කරන මහා ශ්‍රම මෙහෙයුමට අනුව හානියට පත්වු ඌමාඇල ව්‍යාපෘතියේ ගැටහවුල්පත ආසන්නයේ ඇති මෙම ඇලබැම්ම ප්‍රතිසංස්කරණ කිරිම ඌමා ඇල ව්‍යාපෘතියේ තාක්ෂනික ඉංජිනේරු මහතාගේ අධීක්ෂණය යටතේ ප්‍රාදේශිය ගොවි සංවිධාන නියෝජිතයන් හා ප්‍රදේශවාසින් ඇතුලු පිරිසක් විසින් සිදු කරන ලද අතර මෙම ප්‍රතිසංස්කරණය කිරිමෙන් අනතුරුව ඇලබැම්ම හරහා ප්‍ර්දේශවාසින් හට වාහන ගමන් කිරිම අවස්ථාව උදා විය

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවින්ද්‍ර බන්ඩාර මහතා විසින් ඌවපරණගම ඌමාඇල වාරිව්‍යාපෘතියේ ගැටහවුල්පත අසන්නයේ ඇලබැම්ම හා ඌමා ඇල අමුණ ප්‍රදේශ නිරික්ෂණය කිරිමද මෙම අවස්ථාවේදි සිදු විය.

1 Comments

  1. Note that this is temporary solution. If sack/polyethylene bag get damage Sanrio will be very sad.

    ReplyDelete
Previous Post Next Post