ආදරය අරන් නාමල් රාජපක්ෂ නුවරඑළියට...

 


දිත්වා සුළි කුනාටුව හේතුවෙන් අවතැන් වූ පවුල්වල දුවා දරුවන්ගේ අධ්‍යාපනය නගා සිටුවීමේ අරමුණින් සහ අවතැන් වූ පවුල්වල ආර්ථික තත්ත්වය නගා සිටුවීමේ අරමුණින් නාය ගිය ස්ථාන සියල්ල ආවරණය වන පරිද්දෙන්  පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් දීප ව්‍යාප්තව සිදු කරනු ලබන "ආදරය" මැයෙන් ක්‍රියාත්මක වන පාසල් ළමුන්ට පොත්පත් බෙදා දීමේ  (08) නුවරඑළිය දිස්ත්‍රික්කයේ හග්ගල රේන්ද පොළ නානුඔය සහ කොත්මලේ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්විණ ,

නුවරඑළිය දිස්ත්‍රික්කේ නාය ගෑමින් අවතන් වූ සියලූම පවුල්වල දුවා දරුවන් සඳහා පොත්පත් බෙදාදීම මෙහිදීී ආරම්භ විය  ,

තවද නාය යෑමෙන් අවතැන් වූ පවුල්වල අවශ්‍යතාවයන් සහ ඔවුන්ගේ සුව දුක් විමසීමට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායම කටයුතු කළේය ,

මෙහිදී කොත්මලේ සහ නානුඔය ප්‍රදේශී ජනතාව චෝදනා කර සිටියේ රජය පාර්ශව නියෝජනයය කරමින් කිසිවෙකු ආපදා තත්ත්වයෙන් අවතැන් වුවත් බැලීමට නොපැමිණි බවයි ,

මෙහිදී මාධ්‍යවේද අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ නයා අවතැන් වූ පුද්ගලයන් වූ සියලු පවුල්වල පුද්ගලයන් සදහා රජයේ පොරොන්දු වූ පරිද්දෙන් අදාල ඉඩම් කොටස් වෙන්කර ලබාදී ඔවුන්ට නිවාස තනා ගැනීම සහ අනෙකුත් පහසුකම් ලබාදීමට ප්‍රමුඛතාවේ දිය යුතු බවයි ,

තවද ආපදා තත්ත්වය පිළිබඳව කතා කිරීම පාර්ලිමේන්තුව කීප වතාවක් රැස්වීමේ අවශ්‍යතාව ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය ,

මෙම වැඩසටහන් මාලාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවූ අතර පා.ම ඩී.වී චානක නුවරඑළිය දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් ජීවන් කුමාරවේල් තොන්ඩමන් මහතාගේ නියෝජිතයන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස , හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රාජධුරයි නුවරඑළිය නියෝජ්‍ය නගරාධිපති සිවන්ජෝති යෝගරාජා සහ නුවරඑළිය ප්‍රාදේශීය දේශපාලකයන් රැසක් සහභාගී වී සිටියහ .

 ආර්.එෆ්.එම්.සුහෙල්

2 Comments

  1. මේ පන්ගරනට්ටට දැන් චන්දයක්වත් නැහැ. බිලියන ගණන් හොරාකාලා රට බංකොලොත් කරපු සනුහරේ එකෙක් තමයි මේ. ජනතාව ආයෙත් රැවටෙන්නේ නැහැ. 2029 ට පෙර වැලිකඩ නියත සිරකරු වගේ

    ReplyDelete
    Replies
    1. යැයි, යැයි ගගා හිටපන්

      Delete
Previous Post Next Post