ජයලත් දිසානායක - බදුල්ල
බදුල්ල අළුගොල්ල කන්දේ පුපුරා ගොස් ඇති ස්ථාන යම් මිශ්‍රණයක් යොදා වසා දැමීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිර්දේශ කර තිබෙන බවත් එමගින් අවදානම් තත්ත්වය අවම කරගත හැකි බවත් වැවිලි ඇමැති සමන්ත විද්‍යාරත්න පැවසීය.
මෙම කන්දේ 1986 වසරේදී ද ‘M’ ආකාරයෙන් පැළුම් කිහිපයක් සිදුව ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ වාර්තාවේ සඳහන් කර ඇති බවද මේ වනවිට නිලධාරීන්ගේ උපදෙස්වලට අනුව ජනතාව කටයුතු කරමින් සිටින බවද හෙතෙම කීවේය.
මෙම කන්දේ පවතින වත්මන් තත්ත්වය අනුව නිවාස 14 කට යම් අවදානමක් පවතින බවත් ලැබී ඇති උපදෙස්වලට අනුව කටයුතු කළ හොත් එම අවදානම අවම කරගැනීමේ හැකියාව පවතින බවත් කී ඇමැතිවරයා මෙම ඉරිතැළීම කන්දට පහළින් ජීවත්වන සැමටම අවදානමක් නොවන බවද අනාවරණය කළේය.
තවද බදුල්ල අළුගොල්ල කන්ද ස්ථාන කිහිපයකින් පුපුරා ඇති හෙයින් කන්ද පහළින් ජීවත්වන ගම්මාන කිහිපයක ජනතාව දැඩි භීතියකින් පසුවන බවට පසුගියදා කළ අනාවරණයෙන් පසුව ඇමැති සමන්ත විද්‍යාරත්න, බදුල්ල නගරාධිපති නන්දන හපුගොඩ, උප නගරාධිපති සුජීව පීරිස් ඇතුළු බලධාරීහු එම කඳු මුදුනේ නිරීක්ෂණ චාරිකාවකට ද එක්වූහ.
අරුණ

හිල් බුවා නේද මේ
ReplyDeleteKiyana gon katha wala seemawak nehe. Gon kathawaknam JVP/Maalima. JVP/maaalima kaarayek nam gon kathawak
ReplyDeleteGod man do they have different type.of brain? Please cover it with a piece of clothe. Others wise it's a big waste 😜 man.
ReplyDeleteKota sunakayekuta Kiya Punchage bibikkamata dapan oka naye noyanna ...gonage pissu katha hindathana api ravatennemmm ... hik hik Apia depa simpatico Jeppo.hari nadda mama ahanne..hihik
ReplyDeleteThis individual appears to be misinformed about the complexities of slope failure treatment. It is a multifaceted process. To begin with, a geotechnical engineer must be consulted. Bore holes need to be drilled at the locations where slope failures are occurring. Evaluate the geotechnical engineer's risk analysis report. Determine the Factor of Safety and the ARL. The design should meet both criteria. Consider the potential risks associated with the failure area. The most likely solution involves a combination of soil nails, shotcrete, or rock revetments treatment. Upon completion of scaling, have the geotechnical engineer investigate the top of the slope again to ensure there are no additional issues related to the failure area. I am disappointed that unqualified individuals, such as politicians, propose treatments without understanding the severity of the failure.
ReplyDeletehe is rewriting newton law
ReplyDeleteමෙන්න මොල..... කොහොමද අපිට මේව කලින් හමු නොවුනෙ
ReplyDeleteඅතීසාරෙට අමුඩ ගහන්න කිවුව වගේ තමයි......
ReplyDelete