මාලිමා මොරටුව නගරාධිපති ලිංගික අල්ලස් ඉල්ලනවා..- සේවිකාවක් පැමිණිලි දෙකක් දමයි..


අමින් මධුරංග ගමගේ

මොරටුව මහ නගර සභා වේ නගරාධිපතිවරයා ලිංගික අල්ලස් ඉල්ලා සිටි බවත් එම ලිංගික අල්ලස බලහත්කාරයෙන් ලබා ගැනීමට බලය අයුතු ලෙස යෙදවීමට උත්සාහ කළ බවත් කියමින් නගර සභාවේ සේවිකාවක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට (24දා) පැමිණිලි කර තිබේ.

මේ සමබන්ධයෙන් මොරටුව පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශයට සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කළ බවද එහි සඳහන් කර ඇත.

කාර්යාල ලිපි ලේඛන රාජකාරියේ නිරතව සිටි තමා නගරාධිපතිවරයාගේ ඉල්ලීම හේතුවෙන් දැඩි ලෙස බියකට හා ලැජ්ජාවට මෙන්ම අසරණභාවයට පත්ව සිටින බවද පැමිණිල්ලේ දක්වා තිබේ.

මාස එකහමාරක කාලයක් තිස්සේ වරින් වර ලිංගික අල්ලස් ඉල්ලූ බවත් එම ඉවීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් නගරාධිපතිවරයා තමා සමඟ උරණ වී ඔහුගේ ඡන්ද කොට්ඨාසයේ පිහිටි මාතෘ සායනයකට ස්ථාන මාරු කළ බවත් එහි සඳහන් කර ඇත.

නගරාධිපතිවරයාගේ බලය අයුතු ලෙස භාවිත කර මෙම ස්ථාන මාරුව ලබාදී තිබෙන බවත් ඒ සඳහා ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ නිර්දේශයක් ලබාගෙන නොමැති බවත් සේවිකාව කියා සිටී.

මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තමාට සාධාරණයක් ඉටු කරන ලෙසට ඇය පැමිණිල්ල මඟින් වැඩිදුරටත් ඉල්ලා ඇත.

මවුබිම

5 Comments

  1. මේකටද අපි මුංව යැව්වෙ. ඇ
    ත්ත මිනිස්සු කිව්වෙ මුං ත්‍රස්තවාදියො කියලා

    ReplyDelete
  2. මුංගෙ මහ එකාගේ ඉදලම විකෘති ලිංගික මෝල්මාන්දන් කාරයෝ ඉන්නේ ඉන්නේ.ටිල්විං ඩයි මයින හද්දකුපාඩිය.ටිල්විනයා පැදල පැදලා බෝර් කරපු කෝම්බෙ කර ගහලා ඉන්න ඇඟිලි කොට හඳුනා උගේ ගෝලයා.සමන්මලීලා ලැට් මාලිලා හරිනිලා ආප්ප.රංවලයා වෙනුවට ආපු එකා කොලු කාරයා.වෙන මිනිහෙක්ගේ ගෑනියෙක් එක්ක නිදාගෙන ඉඳලා අහුවෙලා චීත්ත්යක් ඔතාගෙන දුවපු චීත්ත කොබා මහින්ද තවත් වලත්තයෙක්.පුංචි අම්මව දුෂණය කරලා පක්ෂෙන් ලෙඩේ වැටුනහම කර ගහපු පඟර නැට්ට තව එකෙක්.

    ReplyDelete
    Replies
    1. Uba kochchara kiwwath malinawe ewun anik paksha wala ayata wada hoday ban 😁😁

      Delete
  3. Kalin hitiye pohottu saman lal thakkadiya ge gemk da danne ne

    ReplyDelete
Previous Post Next Post