ජාතික ජන බලවේගය බලයට පැමිණ ගතවූ වසරක කාලය තුළ රුපියල් ට්‍රිලියන 1.2ක් මහා භාණ්ඩාගාරයේ ඉතිරි කළ බවත් දිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ ආපදාව තුළ ජනතාවට සහන සැලසීම සඳහා රුපියල් බිලියන 700ක් වෙන්කිරීමට එයින් හැකිවූ බවත් ආණ්ඩු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි පවසයි.
"මේ දිට්වා සුළිකුණාටු ආපදාවෙන් ඩොලර් බිලියන 4.1ක හානියක් රටට සිද්ධ වෙලා තියෙනවා. අපි අවුරුද්දක් පුරා භාණ්ඩාගාරයේ ඉතිරි කළා රුපියල් ට්‍රිලියන 1.2කට අධික මුදල් ප්‍රමාණයක්. ඒ වගේම අපි පරිපූරක ඇස්තමේන්තුවක් දැම්මා රුපියල් බිලියන 500ක. සමස්තයක් හැටියට ගත්තොත් බිලියන 700ක් අපි මේ වැඩේට වෙන්කරලා තියෙනවා. ලක්ෂ 2280ක් පොලොන්නරු දිස්ත්‍රික්කයට වෙන්කළා රුපියල් 25000 ගාණෙ ගෙවන්න.
මේවා මදි නම් තවත් මුදල් ප්‍රතිපාදන ලබාදෙන්න සූදානම්ව තිබෙනවා. ඕගොල්ලො ඉතිහාසයේ කවදාවත් අහලා නෑ මෙවැනි ආපදා සහන, ණය දීපු ආණ්ඩුවක්. ආණ්ඩුවට දීපු බදු මුදල් තමා මේ ආපහු ජනතාව අතට පත්කරන්නේ. ජනාධිපතිතුමා කිව්වේ එක පුංචි වරදක්වත් මේකෙ කරන්න එපා, නුසුදුසු කිසිම කෙනෙකුට දෙන්නත් එපා, ඒ වගේම සුදුසු කිසිම කෙනෙක්ව අතහරින්නත් එපා කියලා."
පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි මේ බව පැවසුවේ පොළොන්නරුව ප්‍රදේශයේ පැවති ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනක් අමතමිනි.

උම්බෑඈඈඈඈඈඈ
ReplyDeleteමෙන්න මෙහෙම කියපන් එතකොට හරි.ඉතිහාසේ කිසිම ආණ්ඩුවක් අපි වගේ කටින් ආපදා සහන දුන්නේ නෑ
ReplyDeletePelwatha jokers are every where . There is no doubt these jeppo are really good at one thing people, they help us to laugh . Oh boy yes wait & see you all are getting due punishment very soon.
ReplyDelete