ග‍්‍රාම නිලධාරිට පහර දීමක්.. මාලිමා පාර්ලිමේන්තු මන්ත‍්‍රී අත්අඩංගුවට.. ඇප...


ග්‍රාම නිලධාරීවරයෙකුට පහරදීමේ චෝදනාවක් මත ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී කේ ඉලංකුමාර් මහතා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

යාපනය පරන්තන් විද්‍යාලයේ ආපදා සහන සේවයේ නිරතව සිටි ග්‍රාම නිලධාරියෙකුට පහර දුන්නේ යැයි චෝදනා ඔහුට එල්ල වී ඇත.

අධිකරණය හමුවේ ගාම නිලධාරියා විසින් ගොනු කළ පැමිණිල්ලක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.

මන්ත‍්‍රීවරයා පසුව ඔහු ඇප මත මුදා හැරීමටද අධිකරණය කටයුතු කර තිබේ. 

අවතැන් වූ පුද්ගලයන් සඳහා බෙදා හැරීමට ගෙනා ආහාර සම්බන්ධයෙන් ඇති වූ ප්‍රශ්නයක් මත මෙම පහරදීම සිදුව ඇති බවද වාර්තා වෙයි.

1 Comments

Previous Post Next Post