ජාතික ජන බලවේගය බලය දරන මහනුවර නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපතිවරයාගේ දියණිය ඇතුළු පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සමාජ ජාල වල වාර්තා පළවෙයි.
මහනුවර ප්‍රදේශයේ පොලිසිය විසින් සිදු කරන ලද ෆේස්බුක් සාදයක් දෙයක් වැටලීමේදීය විසි හය හැවිදි මෙම තරුණය සමග ඇයගේ පෙම්වතා ඇතුළු තවත් පිරිසක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇතැයි සඳහන්ය.
අයිස් හෙරොයින් ගංජා හෑෂ් සහ සිගරට් ඇතුළු මත්ද‍්‍රව්‍යද සමග මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
අදාල වැටලීම ගැන පොලිසිය විසින් නිකුත් කල නිවේදනයේ දැක්වෙන්නේ තෙල්දෙණිය පොලිස් වසමේ වික්ටෝරියා ජලාශය ආසන්නයේ හෝටලයක් තුළ පැවත් වූ ෆේස්බුක් සාදයක් වටලා අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 4134 ක්, හෑෂ් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 1875 ක්, කුෂ් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 2769 ක්, කොකේන් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 390 ක්, මෂ්රූම් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 804 ක්, මල්පෙති 13 ක් සහ නීති විරෝධී දුම්වැටි 12 ක් සමඟ පුද්ගලයින් 22 දෙනෙකු හා සැකපිට කාන්තාවන් 04 ක් අත්අඩංගුවට ගෙන ඇති බවය.
සැකකරුවන් අවුරුදු 18 ත් 31 ත් අතර වයස්වල පසුවන මහනුවර, මුල්ලේරියාව, හැටන්, පිළගල, අතුරුගිරිය, කොටගෙදර, හෝමාගම, දොම්පේ, ඇඹිලිපිටිය, ත්‍රීකුණාමලය සහ ජා ඇල ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර සැකකාරියන් අවුරුදු 21 ත් 26 ත් අතර වයස්වල පසුවන මහනුවර, මීගමුව සහ පූඩළුඔය ප්‍රදේශවල පදිංචිකාරියන් වේ.
සැකකරුවන් හා සැකකාරියන් තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එක් අයෙකුට රුපියල් ලක්‍ෂයක ශරීර ඇප මත මුදා හැර ඇත.

මල්පෙති 13
ReplyDeleteඊයේ එකෙක් බීලා හැප්පිලා, අද තව එකෙක් අයිස් එක්ක අහුවෙලා. මාලිමාවට මොන කරුමයක් වෙලාද
ReplyDeleteඅයිස්, හෂීස්, වගේ මත්ද්‍රව්‍යය ග්‍රාම් 5 ට වඩා තිබ්බහම ඇප දෙන්නේ කොහොමද නීතිය නවනවා නෙවෙයි රෝල් කරලා පොලිස් ලොක්කන් ගේ ##කේ ගහගන්නවනේ
ReplyDeleteUbata sinhalay ganan be neda?
DeleteAye news eka kiyawapan
පොඩ්ඩක් ඉන්නකෝ කුඩු මත්ද්‍රව්‍ය එක්ක අහු උනාම පළවෙනි පාරෙන්ම ඇප දෙන්නෙ කොහොමද ?.
ReplyDeleteඒකනේ මාලිමා දුවක් ගත්තෙ. ඒක ආරක්ෂක පියවරක්.
DeleteThat is normal procedure
Delete5 ta wada aduy.ekay
Gram 5 unath gram 5ta adu unath malima diyaniya mathkudu pawichchi karanawa
ReplyDelete