එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ඊට අනුබද්ධ පාර්ශ්වකරුවන් එකතුවී මෙරටට ලබාදීමට නියමිත ආධාර මුදල් වශයෙන් ලබා ගෙන, රටේ හානියට පත්ව තිබෙන යටිතල පහසුකම් කඩිනමින් සංවර්ධනය කිරීමට යොදා ගැනීම සම්බන්ධව අත්‍යාවශ්‍ය කොමසාරිස් ජනරාල් කාර්යාලය විසින් විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුවත් කිරීමට කටයුතු යොදා තිබේ.
මෙරටට හදිසි මානුෂික ආධාර ලෙස ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන තිස්පහකට වැඩි මුදලක් අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ මෙරට කාර්යාලයේදී පසුගියදා පැවති සාකච්ඡාවකදී අනාවරණය විය.
මෙහිදී ඇමරිකා එක්සත් ජනපදය, එංගලන්තය, ස්විට්සර්ලන්තය ආදී රටවල් රැසක් මෙරටට සහයෝගය දැක්වීමට එකඟතාවය පළකර තිබේ.
මේ වනවිට මෙරට යටිතල පහසුකම් කඩිනමින් සංවර්ධනය කර ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීමේ අවශ්‍යතාව පවතින බැවින්, මානුෂීය ආධාර මුදල් වශයෙන් ලබා ගැනීම සම්බන්ධව අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය විසින් විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා ලිඛිතව ඉල්ලීමක් කිරීමට කටයුතු යොදා තිබේ.
සාලිය කුමාර ගුණසේකර
Aruna

ඔව්, හොරා කන්න කෙනෙක් නැති නිසා අපිත් ඕස්ට්‍රේලියාවේ සති දෙකක වැටුප එවුවා ලංකාවේ අපේ අරමුදල ට. තවත් එවනවා. අපි සුඛෝපභෝගී ජීවිත ගතකරන ගමන් අපේ රටේ යහපත් ගමන් මාර්ගය ගැන සතුට ප්‍රකාශ කරන්නත් ඒක උපයෝගී කරගත්තා
ReplyDeleteපලමුදේනම් හොරාකන්න සල්ලි තියෙන projects තියෙන්නෝන. ඒව නැතිනිසා හොරාකන්නෙ මොනවද? අනෙකනම් ඔය රස්සා නොකරපු හැමදාම පාරෙ වර්ජන මෙහෙයවූ ඇමතිලාට කෝටිගනන් සල්ලි කොහෙන්ද
DeleteNeethigatha novena HORA accounts valata salli daala ewa paavichchi kaloth vena aanduvakin munta sure nadu daanava.
Deleteඅපිත් Melbourne වල ඉඳන් සල්ලි සහ ආණ්ඩුවේ dutyfree channel එකෙන් සහනාධාර එවුවා. මේ ආණ්ඩුව අපිට විශාල වශයෙන් විශ්වාසයි. මෙහෙ සුද්දොත් සෑහෙන impressed ලංකාවේ government disaster recovery strategy එක ගැන.
Deleteඔන්න ලබන අවුරුද්දෙ ඉඳන් JetStar fly කරනව direct Melbourne - Colombo.
ලංකාවට ජය.
මම Perth. WA ගොඩක් ලංකාවේ අය මුදල්, ළමා සනීපාරක්ෂක ද්‍රව්‍ය ලංකාවට යැව්වා. ඇත්තටම සුද්දො සෑහෙන්න පුදුමයෙන් ඉන්නෙ ලංකාවෙ දියුණුව ගැන. ගොඩක් උන් ලංකාවෙ කෑම නිසා හෙනම උණෙන් ඉන්නෙ බාලි වෙනුවට ලංකාවට යන්න. ඉස්සරහ සෑහෙන්න හොඳ සුබ ලකුණු
DeleteOw. Sahanadarata vada salli horakam karanna lesiney.
ReplyDeleteසල්ලි ඉල්ලන්නෙ අර කහ බෙඩ් සීට් එකයි මල් මල් ලංකට් එකයි ඇඳං ඉන්න පිටි මල්ලි නේද?
ReplyDeleteඇයි, අර ඌ පහුගිය ටිකේ ගල් කපන්න තියන් හිටපු චීත්ත ගූරාජ්?
Delete