මාස අටක් තිස්සේ ශ්‍රී ලංකාවේ විගණකාධිපති ධූරය පුරප්පාඩුව පවතී. ජනාධිපතිවරයා ඒ තනතුරට තමුන්ගේ හිතවතකු පත් කරගන්නට දරන ලද උත්සාහය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් වැලක්වීම නිසා ඇතැම් ඇමතිවරුන් ව්‍යවස්ථා සභාව සම්බන්ධව විවේචන ඉදිරිපත් කරන්නටද පටන් ගෙන ඇති බව මන්ත්‍රී නාමල් රාජපක්ෂ සදහන් කළේය.
කෙසේ හෝ විගණකාධිපති තනතුරට සුදුස්සකු පත් නොකිරීමට ප්‍රධාන හේතුව ආණ්ඩුවේ වංචා දූෂණ වසා ගැනීමට බවද මන්ත්‍රීවරයා අවධාරණයෙන් පැවසීය.
ආණ්ඩුව නීති විරෝධී ලෙස කැබි ආනයනය කිරීම සඳහා ටෙන්ඩර් කැඳවීම, වරායෙන් නීති විරෝධී ලෙස කන්ටේනර් 323 ක් පිටකිරීම, බාල බෙහෙත් ආනයයනය කිරිම වැනි දූෂිත ගනුදෙනු සිදු කිරීමට ඍජුව ක්‍රියා කරන විගණකාධිපතිවරයකු සිටීම ආණ්ඩුවට බාධාවක් වන බැවින් තමන්ගේ හිතවතෙකු එම තනතුරට පත්කර ගැනීමට ආණ්ඩුවේ බලවතුන් නිර්ලජ්ජීත උත්සාහයක් දරන බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් කීය.
ආණ්ඩුව විගණකාධිපති තනතුර සමඟ කරන මෙම සෙල්ලම නතර නොකළහොත් ශ්‍රී ලංකාවට විදේශාධාර සපයන රටවල් සහ ජාත්‍යන්තර සංවිධාන වන ලෝක බැංකුව, මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව, ආදි ආයතනවලින් ණය සහ ආධාර සැපයිිමටද එය හානිකර ලෙස බලපාන බව මන්ත්‍රී නාමල් රාජපක්ෂ අවධාරණය කළේය.
ඕනෑම ජාත්‍යන්තර ආයතනයක් සිය ආධාර සපයන්නේ විධිමත් විගණනයකට යටත්වය. එවැනි විගණනයක් කිරීම සඳහා විගණකාධිපතිවරයෙකු නොමැති රටකට ආධාර සැපයීමට කිසිදු රටක් හෝ සංවිධානයක් ඉදිරිපත් නොවීම බලවත් අනතුරක් බව ආණ්ඩුව දැන්වත් තේරුම් ගත යුතු යැයිද හෙතෙම වැඩිදුරටත් කීය.

experience eken wage kiyanne...kohomath ubalata ona yaluwa dannath ba....
ReplyDeleteමල්ලෙ පොල් ඩෝබි
Deletebaya wela inne , ubala karapuwama munuth karai kiyala ,,, baye inne
ReplyDeleteඩෝබිලගෆ සුපුරුදු කෙඳිරිය
Deleteඅපි ආණ්ඩුවක් පත් කළේ අපගිය කාලේ හොරකම්වලට දඩුවම් දෙන්න. දැන් ඉන්න නිලධාරින්ගෙන් එහෙම දෙයක් වෙනවා පේන්නේ නැත. අලුතින් හොද නිලධාරින් වහාම පත් කල යුතුයි. මේ ආණ්ඩුව හොරකම් කරනවා ඔවුන්ට වැඩි කාලයක් යා නොහැකියි. අලුතින් පත්වෙන ආණ්ඩුවකින් එය අගේට කරයි.
ReplyDeleteපොඩ්ඩක් ඉන්න. ඒ කියපු හොරකම් තවමත් හොයනව. ඒ කියන්නේ තව පච ගොඩක් නිපදවමින් ඉන්නව වලපැත්තේ
Deleteමම මේ බැලුවෙ jeppo උන්ව රකින්න ඩෝබිලට කොච්චර ගෙවනවද කියල. හොර කෙබර රැල.
ReplyDelete