දේශීය ආදායම් දෙපාර්තමේන්තුව 2025 වර්ෂය සඳහා රජය විසින් ලබා දී තිබූ රුපියල් බිලියන 2,203 ක වාර්ෂික ආදායම් ඉලක්කය නියමිත කාලයට පෙර සපුරා ගැනීමට සමත්ව ඇත.
නිකුත් කළ විශේෂ මාධ්‍ය නිවේදනයක් මගින් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් රුක්ෂ්දේවි පී. ඒ. ප්‍රනාන්දු ප්‍රකාශ කළේ, මෙම ඉලක්කය පසුගිය දෙසැම්බර් මස 19 වන දින වන විට සපුරා ගැනීමට දෙපාර්තමේන්තුව සමත් වූ බවයි.
මෙය දේශීය ආදායම් දෙපාර්තමේන්තු ඉතිහාසය තුළ වාර්තා කළ ඉහළම බදු ආදායම ලෙස ඉතිහාසයට එක්වන අතර, වසරේ ඉතිරි දින කිහිපය තුළ මෙම ආදායම තවදුරටත් ඉහළ නංවා ගැනීමට කටයුතු කරන බව ද එම නිවේදනයේ සඳහන් වේ.
මෙම ජයග්‍රහණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කොමසාරිස් ජනරාල් වැඩිදුරටත් පවසා සිටියේ සෘජු හා වක්‍ර බදු ගෙවමින් මේ සඳහා දායක වූ සියලුම බදු ගෙවන්නන්ට රජය වෙනුවෙන් ස්තුතිය පුද කරන බවයි.
එමෙන්ම මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා කැපවීමෙන් කටයුතු කළ දේශීය ආදායම් කාර්ය මණ්ඩලය ඇතුළු අනෙකුත් සියලුම රාජ්‍ය හා පෞද්ගලික ආයතන වෙත ද ඇය ය කෘතඥතාව පළ කර ඇත.

හැබැයි ඉලක්ක සපුරුවට කෝටියට වැඩිය බදු පොලු තියපු කට්ටිය 4250යි කෝටි 100 වැඩිය හිඟ බදු පොලු තියපු කට්ටිය අනූවයි.වක්‍ර බදු වලින් මිනිස්සුන්ගේ බෙල්ල මිරිකලා සල්ලි එකතු කරන් දැන් ලොකුකං කියවනවා.
ReplyDeleteඅසාධාරණ සල්ලි... දැන් හරිනෙ... ස්වභාව ධර්මය පාඩමක් කියලා දීලා
ReplyDelete