ඔන්ඩන්සෙට්රෝන් (Ondansetron) නම් ඖෂධය භාවිතයෙන් පසු ඇති වූ සංකූලතා කිහිපයක් නිසා එම ඖෂධය භාවිත කිරීම සම්පූර්ණයෙන් නතර කළ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
පසුගිය සෙනසුරාදා සිට මේ ඖෂධය ලංකාවේ භාවිතය සම්පූර්ණයෙන්ම ඉවත් කළ බවත් අයිඩීඑච් රෝහලේ සිදුව ඇති මරණ දෙක ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය පරීක්ෂණ සිදුකරන බවත් මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමැතිවරයා කීවේය.
එසේම මේ ඖෂධයේ සංකූලතා ගැන ජාතික වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ රසායනාගාරවල පරීක්ෂණ සිදුකරගෙන යන බව ද ඇමැතිවරයා කීවේය.
මේ මරණ දෙක සහ දාළ ඖෂධ අතර මේ සමග ඇති සම්බන්ධය කුමක්ද යන්න ගැන වෙනම පරීක්ෂණයක් සිදුවන බවද ඔහු සඳහන් කළේය.
2021 වසරේ ටෙන්ඩයක් මත 2025දී සහ 2024 ඇනවුමක් මත 2025දී ගෙන්වූ ඖෂධවල සාම්පල් හතරක් සම්බන්ධයෙන් මේ ප්‍රශ්නය අති බව ද ඇමැති නලින්ද ජයතිස්ස මහතා මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් තවදුරටත් කීවේය.

මුන් මිණීමරුවො, මුන් අහින්සක මිනිස්සු ගැන හිතන්නෙ නැහැ, බාල බෙහෙත් වලින් මිනිස්සු මැරුණට දනිස්සෙන් උඩට ගන්නෙ නෑ. මුන් මෙච්චර කල් කලේ තනිකරම මුලාව. දැන් තමයි සැබෑ පෙනුම අහින්සක මිනිස්සුන්ට පේන්නෙ. මුන් පජාතයි, අමනුස්සයෝ.
ReplyDeleteWhat a lousy excuse from a government minister. After killing 3 people they are going to investigate , Really Nalinda go home. You all are ruthless & incompetence people. Enough is enough.
ReplyDelete