ඩග්ලස් දේවානන්ද අත්අඩංගුවට..

 


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් විර්මශන අංශය මගින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාලව හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා (26) අද දින එම දෙපාර්‌තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත.

යුධ හමුදාව විසින් ඒ මහතා වෙත නීත්‍යානුකූලව නිකුත් කර තිබූ පිස්තෝල වර්ගයේ ගිනි අවියක් සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ ප්‍රකාශ මත 2019 වර්ෂයේ වැලිවේරිය ප්‍රදේශයේ බෝක්කුවක් අසල කැලෑබද ස්ථානයක සඟවා තිබියදී සොයා ගැනීම සම්බන්ධ සිදුකල විමර්ශනයකට අදාලව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

අත්අඩංගුවට ගත් ඩග්ලස් දේවානන්ද මහතා 2025.12.27 වන දින ගම්පහ ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්‌තමේන්තුවේ මිනීමැරුම් විමර්ශන අංශය වැඩිදුර විමර්ශන කරනු ලබයි.

3 Comments

  1. හොද නම ගිය මිනීමරුවෙක් තමයි ඩගියා

    ReplyDelete
  2. ම් සල්ම් දේශපාලුවන්ව කවදාද අත්තඩංගුවට ගන්නේ?

    ReplyDelete
  3. කොටින්ට විරුද්ධ උන ඔක්කොමටම බඩුම තමයි.

    ReplyDelete
Previous Post Next Post