නැවත ගොඩනැගෙන ශ්‍රී ලංකා අරමුදලට ව්‍යාපාරිකයින් පිරිසක් විසින් සිය ප්‍රදානයන් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා වෙත භාර දෙනු ලැබීය.
මෙහිදී Kandy Spices Agro PVT Limited ආයතනය විසින් රුපියල් ලක්ෂ 40ක පරිත්‍යාගයක් ද, මිනින්දොරු සංගමය විසින් රුපියල් ලක්ෂ 10ක මුදල් පරිත්‍යාගයක් ද සිදු කරන ලදී. මීට අමතරව Orange ආයතනය විසින් රුපියල් මිලියන 15කට අධික විදුලි උපකරණ පරිත්‍යාගයක් ද බදුල්ල, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්ක ඉලක්ක කරගෙන සිදු කරන ලදී.
මෙම අවස්ථාවට සහභාගී වෙමින් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා අදහස් පළ කළේය.
“නැවත ගොඩනැගෙන ශ්‍රී ලංකා අරමුදලට ඉදිරියටත් සහයෝගය ලබා දෙන්න. මෙම අරමුදල් රජය ඉතා වගකීමෙන් යොදන නිසා ඒ ගැන කිසිම සැකයක් තියා ගන්න එපා.
මේ දිත්වා සුළි කුණාටුවේදී පොදු ජනතාව ස්වේච්ඡාවෙන් උදව් උපකාර කරන්න ඉදිරිපත් වුණා. ඒක අපේ ජානවලම තියෙන දෙයක්. සමහර රටවල ඒ තත්ත්වය දකින්න නැහැ. දැන් අපි මේ ආපදා තත්ත්වයෙන් යම් තරමකට මිදිලා හුස්ම ගනිමින් ඉන්නවා.”
මෙම අවස්ථාවට මහනුවර දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් සහභාගී විය.

ඔව්. ඒ කාලේ ගුටි කන මට්ටමට තිබ්බ එක දැන් බැනුම් ගානට බැහැලා තියෙන්නේ. සති 2 ගියපු නිසා සිංහල ගොන් හැත්තට මතක නෑනේ. තව සති 2කින් ඡන්දෙ තියලා, දවස් 2කට කලින් පුන්නක්කු බෙදුවා නම්, මේ පාරත් මාලිමාවට 🐂🐃🐄🐮 සෙට් එකක් හොයා ගන්න පුලුවන් වෙයි.
ReplyDeleteඋත්සව තියලා අප්පුඩි ගහලා මරණ සහතික බෙදපු රටේ ඕවා මොනවද බං.
Deleteඋඹලා උස්ම ගත්තට, ගංවතුරට ගහගෙන ගියපු 2000 ක විතර මිනිස්සු ආයේ උස්ම ගන්නේ නෑ. උන් මැරුනා නෙමේ උඹලා උන්ව මරා ගත්තා. මැරිච්ච උන් තාමත් පස් යට. උන්ව ගොඩ ගන්න ඩෝසර් වත් යැව්වේ නෑ උඹලා. පඩත්තල හැත්ත 25 වෙනිදා ඉඳන් 27 වෙනිදා වෙනකන් කිසිම දෙයක් කරේ නෑ. ආපදා කමිටුව රැස් කරේ නෑ. 27 රෑ මිනිස්සු ගහගෙන යනකොට පඹයෙක් වාගේ ආරක්ශක මූලස්තානේ හිටන් හිටියා කියලා වැඩක් නෑනේ. අනිත් එක තමයි මහ රෑ සේරම ටවර් වල සිග්ලන් ඕෆ් කරන්න උපදෙස් දුන්නේ කවුද කියලා පොඩ්ඩක් හොයලා බලපල්ලා.
ReplyDeleteආධාර දෙන්න ආපු විපක්ශ මන්ත්‍රීලට සද්දේ දාලා, උන්ගේ උදව් ගන්නේ නැතුව උද්දච්ඡ කමින් හැසිරිච්ච හැටි අපිට මතකයි. අන්තිමට සිරසට කියලා හෙන මඩ ගුලියක් අනාගෙන කට්ටිය මඩ මිරිකුවා නේද සතියක් විතර. මහන්සි ඇති ඒව කරලා.
ReplyDeleteලාල් කාන්ත ඔයාලට යන්න අපායවල් හදන්න වෙනව. වාන් දොරටු අරින එකට ලියුම් වලට අස්සන් කරන්නෙ නැතුව ඉදල, එකපාරට ඔටෝ ඒව ඇරුනම, නගර පිටින් යටකරල පවුල් පිටින් මරපු පව, ආත්ම ගානක් පටිසන් දෙයි. බොත්තමක් ඇරගෙන පන්ඩිත කාඩයො වගේ, මැයිමාසෙ, ආපදා කලමනාකරන සමිට් එකකට ගියා නේද? ගියාට මෙලෝ මගුලක් තේරෙන්න නැතුව ඇති. මුන්ට පුලුවන් කාගෙ හරි ඇද කියන්න විතරයි. වැඩ බෑ. 68 ලක්සෙ උගත් බුද්දිමත්තු.
ReplyDelete