නුවර පේමනට් වෙලදාම තහනම් කෙරේ..

 


ලබන ජනවාරි මස 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මහනුවර මහා නගර සභා බල ප්‍රදේශය තුළ සියලුම ආකාරයේ වීදි වෙළඳාම් සම්පූර්ණයෙන් තහනම් කිරීමට තීරණය කර ඇති බව මහනුවර නගරාධිපති චන්ද්‍රසිරි විජේනායක මහතා පවසයි.

නගරයේ පිරිසිදුකම හා සුන්දරත්වය සුරැකීමත්, මහජනතාවට අවහිරයකින් තොරව නිදහසේ ගමන් කිරීමට ඉඩ සැලසීමත් මෙම තීරණයේ ප්‍රධාන අරමුණ බව නගරාධිපතිවරයා සඳහන් කළේය. 

මෙම තහනම නගර මධ්‍යයට පමණක් සීමා නොවී, මුළු මහනුවර මහ නගර සභා බල ප්‍රදේශයටම බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක කෙරේ.

මහනුවර නාගරික කලාපය තුළ විධිමත් නියාමන රාමුවක් සකස් කරන ලෙස මහජනතාවගෙන් දිගුකාලීනව ලැබුණු ඉල්ලීම් සහ මහජන සුභසාධනය සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගත් බව නගරාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය. 

මෙම තීරණය කිසිදු වෙනසකින් තොරව දැඩිව ක්‍රියාත්මක කරන බව ද හෙතෙම අවධාරණය කළේය.

මේ වන විටත් අදාළ පදික වේදිකා වෙළෙඳුන් වෙත සිය වෙළඳ කටයුතු නතර කරන ලෙස දන්වමින් මහනුවර මහ නගර සභාව මගින් නිල නිවේදන නිකුත් කර ඇත. 

වෙනත් ස්ථාන කරා යාම සඳහා වෙළෙඳුන් ඉල්ලා සිටි තෙමසක සහන කාලය දෙසැම්බර් 31 වනදායින් අවසන් වීමට නියමිතය.

9 Comments

  1. ලාසන ජීවිතයක් පොරොන්දුව හරිනෙ 🤣🤣🤣

    ReplyDelete
    Replies
    1. ඔව් .හොද වැඩක්..
      . ඔනේ නම් චන්ද 10ක් අඩු වෙයි
      ලක්ශ ගානකට ලස්සනට ඇවිදින්න පුලුවන් වෙයි

      Delete
  2. ලාසන ජීවිතයක් පොරොන්දුව හරිනෙ 🤣🤣🤣

    ReplyDelete
  3. තොපිට හෙන ගහනවා අහිංසක මිනිසුන්ට කරන දේට. තොපි තොපේ පන්තියේ උන්ටම විනාශය ගෙනවා කියලා අපි කිව්වේ කොමියුනිස්ට් චිනයත් මේ විඳියට ම සුළු ව්‍යාපාරිකයන්ට සලක න බව අහලා තිබුණු නිසා. තොපේ ඒකාධිපති වියරුව නවතින්නේ ලොකු විනාශයක් වෙලා

    ReplyDelete
    Replies
    1. රීලා ඉවරනම පුප හෝදාගනින් ගද ගස්සන්නේ නැතුව

      Delete
    2. පේමන්ට් වෙළෙන්දන්ට වෙනම තැනක් හදල දෙන්න ප්‍රශ්නය ඉවරයි
      මෙවා රට ක් දියුණු වෙද්දී තියෙන්න ඕන දේවල් යුරෝපයේ මේ වගේ වෙළෙන්දෝ නෑ.කිසිම කෙනෙක්ට කිසිම දෙයක් වෙළදාම් කරන්න බෑ ලයිසන් එකක් නැතුව ඒවගෙම හැමෝම තමුන්ගේ බිස්නස්නම සහ ලිපි ණය තියෙන රිසිට් එකක් දෙන්න ඕන බදු ගෙවන්න ඕන.මාලි මා වට දුන්නු ඡන්දය ගැන සතුටුයි

      Delete
  4. රජය මොනවා උනත් මේ ගත්ත තිරණය නිවැරදියි.පදික වේදීකාව තියෙන්නේ මිනිසුන්ට වාහන වල ගැටෙන්නේ නැතිව ගමන් කරන්න මිසක් වෙළදාම් කරන්න නෙවෙයි.හිමින් නමුත් ආණ්ඩුව කල යුතු දේ සිදු කිරීම අගයන්න ඕන. මේ තිරණය වෙනස් කරන්න එපා කවුරු කිව්වත්

    ReplyDelete
  5. බොහොම හොඳ වැඩක් නුවර විතරක් මොකද?මුළු රටේම මෙක කරන්න

    ReplyDelete
  6. බොහොම හොඳ වැඩක් නුවර විතරක් මොකද?මුළු රටේම මෙක කරන්න

    ReplyDelete
Previous Post Next Post