නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
ස්වාධීන
මාධ්‍ය නියාමන කොමිසමක් වහා ස්ථාපිත කළ යුතුයි - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
හිරු
රූපවාහිනිය විකාශය කළ පුවතක් ඔස්සේ පැන නැගී ඇති ගැටලුවක් සම්බන්ධයෙන් මේ වන විට
ගොඩ නැගී ඇති කතිකාව මාධ්‍ය හැසිරීමට අදාළ
විවිධ පැතිකඩ මෙන්ම බලය දරන ආණ්ඩු මාධ්‍ය කෙරෙහි ක්‍රියා කළ යුතු අන්දමද ප්‍රශ්න කරන බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ නිරීක්ෂණයයි. කෙසේ වෙතත්
මාධ්‍ය සමාජ වගකීමෙන් යුක්තව ක්‍රියා කළ යුතු අතර ආණ්ඩු මැදිහත් වී මාධ්‍ය මර්දනයට
කටයුතු කිරීම කිසිසේත් නොකළ යුත්තක් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ස්ථාවරයයි.
අදාළ
පුවත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය කටයුතු කර ඇත්තේ විදුලි සංදේශ නියාමන කොමිසම
සතුව නොමැති බලයක් ඊට පවරා දෙන්නට උත්සාහ ගනිමින් බවද නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ
අදහසයි. එසේම පොලීසිය සිය අමාත්‍යංශය මගින් ජනමාධ්‍ය අමාත්‍යංශය වෙත යොමු වීමට ප්‍රමාණවත්
උත්සාහයක්ද දරා නැත. ඒ අනුව පොලීසිය සිදු කර ඇත්තේ අනිසි මැදිහත්වීමක් බව නිදහස්
මාධ්‍ය ව්‍යාපාරයේ මතයයි.
මෙවැනි
ගැටලු විසඳා ගැනීම සඳහා අනුගමනය කළ යුතු මාර්ගය වන්නේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයද
ඇතුළුව ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය දැනටමත් යෝජනා කර ඇති ස්වාධීන මාධ්‍ය නියාමන
කොමිසමක් ස්ථාපිත කිරීමයි.
වර්තමාන
රජයේ කාර්යභාරය විය යුත්තේද ඒ සඳහා අවශ්‍ය පරිසරය සකස් කිරීම වන අතර අවශ්‍ය මඟ
පෙන්වීම සඳහා නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ
සහාය ලබාදීමට හැකියාව ඇත.
එසේම
නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ස්ථාවරය වන්නේ තහනම හෝ මර්දනය වෙනුවට සමාජ වගකීම හඳුනාගත්
මාධ්‍ය පරිසරයක් නිර්මාණය කිරීමට රජය දායක වීම බවද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වැඩිදුරටත්
පෙන්වා දෙයි. ඒ සඳහා ජනමාධ්‍ය ප්‍රජාව දායක කරගැනීම අත්‍යවශ්‍ය වේ.,

කලින් ආණ්ඩු වලට විරුද්ධව හෙන පච් කෙලලා දැන් උන්ගේ ආණ්ඩුවට විරුද්ධව ඇත්ත කියනකොට ඉස්සා පස්ස පැත්තේ වගේ දඟලනවා. මොන රෙද්දේ කොමිසම්ද? බොරු නම් නඩු දාන්න ඉඩ තියනවා. හොඳට හොයල බලපන් මිග් ගනුදෙනු පචේට, සුනාමි හොරා පචේට වෙච්ච දේවල්. දැන් ඇත්ත හින්ද නඩු දාන්න බෑ. ඒ වෙනුවට තග දාන්න බලය හොයනවා. මුන් මොන ස්වාදීනද? මුන් ජෙපිගැති ගොබ්බයො ටිකක්.
ReplyDelete1000% agree
ReplyDeleteමුං මොන නිදහස් මාධ්‍ය ව්‍යාපාරයක්ද?හැමදාම කොටින්ට,ජෙප්පන් ට,ඉස්ලාම් අන්තවාදීන්ට කඩේ ගිය සිංහල බෞද්ධ විරෝධී හිවල්ලුන්ගේ එකතුවක්.
ReplyDelete