2025 වසර සඳහා ප්‍රකාශයට පත් කරන ලද වසර අවසාන ප්‍රසාද දීමනාව ලෙස මූලික වැටුප් පහක මුදලක් ලබා දෙන ලෙස ඉල්ලමින් ගුවන් තොටුපළ සේවකයින් 500කට අධික පිරිසක් අද (29) දින ගුවන් තොටුපළ පරිශ්‍රයේදී දැවැන්ත විරෝධතාවයක නිරත වූහ.
ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති, විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා විසින් නිවේදනය කරන ලද ප්‍රසාද දීමනා මුදලට විරෝධය පළ කරමින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණි.
ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය, පොදු සේවක සංගමය, ප්‍රගතිශීලී සේවක සංගමය, ජාතික සේවක සංගමය සහ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අනුබද්ධ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය යන වෘත්තීය සමිති නියෝජනය කරමින් සේවකයෝ විශාල පිරිසක් මීට එක්ව සිටියහ.
මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ගුවන් තොටුපළ නිදහස් සේවක සංගමයේ සභාපති මුහන්දිරම් මහතා සඳහන් කළේ, සේවකයින්ට දැනට මූලික වැටුප් දෙකක ප්‍රසාද දීමනාවක් ලබා දීමට තීරණය කර තිබුණද, ගුවන් තොටුපළ සමාගම රුපියල් බිලියන 21ක වාර්ෂික ශුද්ධ ලාභයක් උපයා ඇති බවයි.
සමාගම ලබන ලාභයට සාපේක්ෂව අවම වශයෙන් තවත් මූලික වැටුප් දෙකක ප්‍රසාද දීමනාවක් අනුමත කරන ලෙස තමන් රජයෙන් ඉල්ලා සිටින බවත්, සේවක ඉල්ලීම්වලට නිසි විසඳුම් නොලැබෙන්නේ නම් ගුවන් තොටුපළ මෙහෙයුම් කටයුතු අඩාල වන පරිදි දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට එළඹෙන බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

ලෝකේ කොහෙවත් නැති ප්‍රසාද දීමනා නවත්තන්න ඕනේ. ඔවුන් 99%ක්ම දේශපාලන හෙන්චයියන්ගෙන් පත්වුණ එවුන්. සුසුසුකම් නැහැ. රට බංකොලොත් කරපු රටක්. හරිහමන් සේවාවක් නැහැ, වැසිකිලි අපිරිසින්දුයි, චෙක් ඉන් කවුන්ටර් වල පය ගණන් පෝලිම්, කෑමක් බීමක් වතුර එකක් ගිනි ගණන්. ගිහිල්ලා බලපලල්ලා ආසියාවේ තියෙන වෙන ගුවන් තොටුපොළවල් වල කොයි තරම් පහසුකම් තියෙනවද ? සමහර රටවල (පිලිපිනේ ඉන්දුනීසියාවේ) විදේශ ශ්‍රමිකයන්ට වෙනම නොමිලේ විවෙකගන්න නොමිලේ ආහාර පාන සහිතව බෝජනාගාර පවා තියෙනවා.මුන්ට ඔය රස්සාව කරන්න බැරිනම් වෙන ට්‍රස්සාවක් හොයාගනිල්ලා. හැම ආයතනයකම ලාබෙ වැඩකරන එවුන්ට බෙදලා දෙනවානම් ඉතින් වැඩි දියුණු කරන්න වෙන්නේ නැහැ. ඒ ලාබෙන් තමයි ඕවා වැඩිදියුණු කරන්නේ. වරායේ විදුලිබල මණ්ඩලේ තෙල් සංස්ථාව වගේ තැනුත් ඔය සන්සිතැසියමයි.
ReplyDeleteමම මේ වසරේ මිලියන දෙකක මුදලක් මහන්සියෙන් හම්බකරපු රස්සාවෙන් ඉතුරුකරලා තියෙනවා. ගෙදර සර්වන්ට්ලා දෙන්නා එකෙන් මාස පහක පඩි ඉල්ලයිද මන්දා බෝනස් කියලා. ඔකේ වැඩියෙන්ම ඉන්නේ සිකුරිටි කාරයෝ. උන් එයාර් ෆොස් එකට සමාන ඇඳුමක් ඇඳගෙන ඉන්නේ. හැබැයි බෙල්ට් එක සුදුයි. උන් ඔක්කොම දේශපාලන හෙන්චයියලගෙන් පත්වෙච්ච එවුන්. තව එකෙක් ඉන්නවා කොළ පාට මේජර් ජෙනරල් කෙනෙක් වගේ ඇඳගෙන කමිෂන් කරපු මාල තොප්පියකුත් දාගෙන. මුත් ඇවිල්ලා දේශපාලන හෙන්චයියන්. මුන් හරියට ගුවන්තොටුපොළ අයිතිකාරයෝ වගේ ඉන්නේ. අර කොලපාට එකා ඉස්සර කරේ දේශපාලකයන්ගේ පවුල් වල එවුන්ගේ බැග් උස්සලා තරාදියට දාපු එක. එක්කෝ පෝලිම් පන්නලා චෙක් ඉන් කවුන්ටර් වල ආගමන විගමන කවුන්ටර් වලට යොමු කරපු එක. මුන් වැඩි හරියක් කරන්නේ කුඩු බිස්නස් එක්කෝ රත්‍රන් බිස්නස්. ඕක හොර ගුහාවක්. මැදපෙරදිග වැඩකරලා එන දුප්පත් මිනිසුන්ගෙන් කප්පම් ගන්නවා CCTV වල පවා රෙකෝඩ් වෙලා තිබුනා. මුන් උද්ගෝෂණ කරනවානම් මුන්ව එළවලා වෙන කට්ටියක් ගන්න වෙනවා. ඕනේ තරම් සුදුසුකම් ඇති අය මේ රස්සාවලට එන්න ඉන්නවා. මු අතිකාල දීමනා වලින් විතරක් මාසෙකට ලක්ෂ එකාහමාර පන්නලා ගන්නවා
ReplyDelete