මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමැති සුනිල් වටගල හදිසි නීතියට අනුව ජනාධිපතිවරයාට මඩ ගසන අය අත්අඩංගුවට ගත යුතු බවට ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශය පිළිබඳ කොළඹ පිහිටි තානාපති කාර්යාල දැඩි අවධානය යොමු කර ඇතැයි සති අන්ත පුවත් පත් වාර්තා කරයි.
ඒම ප්‍රකාශයට අදාළ හඬපට හා වීඩියෝ පට ගෙනවිත් තානාපති කාර්යාලයේ දේශපාලන අංශය සකස් කළ වාර්තාව ඉහළ නිලධාරින්ට මේ වන විට දී ඇතැයිද සදහන්ය.
නි. ඇමතිවරයා අදාල ප්‍රකාශය කර දෙදිනකට පසු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේ එවැනි සිද්ධීන් පනස්හතක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇති බවය.
ඊට පසු අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී කීවේ හදිසි නීතිය ජනතා මර්දනයට යොදා නොගන්නා බවයි.

කාල වරෙල්ලා..
ReplyDelete