ග‍්‍රික බැදුම්කර නඩුවෙන් කබ්රාල් නිදහස් කෙරේ..


ග්‍රීසියේ බැඳුම්කරවල මුදල් ආයෝජනය කිරීමෙන් රජයට අලාභයක් සිදු කළේ යැයි චෝදනා එල්ල කරමින් පවරා තිබූ නඩුවෙන් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා නිදහස් කර තිබේ.

කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මෙම තීන්දුව ලබා දුන්නේ පවරා තිබූ නඩුවේ චෝදනා පත්‍රය අල්ලස් කොමිසම විසින්ම ඉල්ලා අස්කර ගැනීම හේතුයෙනි.

ඒ අනුව අජිත් නිවාඩ් කබ්රාල් ඇතුලු එම නඩුවේ විත්තිකරුවන් සිව් දෙනා නිදහස් කිරීමට නියෝග කර ඇත.

ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව තිබේදී 2011 වසරේදී ග්‍රීක භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීමෙන් රජයට රුපියල් කෝටි 184කට අධික පාඩුවක් සිදු කිරීම ඇතුලු චෝදනා යටතේ අල්ලස් කොමිසම විසින් මෙම නඩුව පවරා තිබුනි.

නමුත් ඒකී බැඳුම්කර ගනුදෙනුව මහ බැංකුවේ රෙගුලාසි වලට හා මූල්‍ය වාර්තා රෙගුලාසි වලට අනුකූලව නීත්‍යානුකූලව සිදුව ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කර තිබියදී අල්ලස් කොමිසම විසින් දෙවන වරටත් මෙම නඩුව පවරා තිබීම යුත්ති සහගත නොවන බව විත්තියේ නීතීඥයන් කරන ලද කරුණු දැක්වීම පිලිගනිමින් මෙම නියෝගය නිකුත් කර ඇත. 

කෙසේ වෙතත් මෙම අධිචෝදනාවන් ඉල්ලා අස්කර ගන්නා දිනයේ සිට මාස 3 ක කාල සීමාවක් ඇතුළත පළමු චූදිත විසින් මෙම වරදට අදාළව සිදු වූ අලාභය ලෙස ගණනය කර ඇති රු.1,843,267,595.65 (රුපියල් එකසිය අසූ හතර කෝටි තිස් දෙලක්ෂ හැට හත්දහස් පන්සිය අනූ පහයි ශත හැට පහක ) ක මුදලක් වන්දියක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ පහත සඳහන් ගිණුමට බැර කළ යුතු බවට කොමිසම ඉදිරිපත් කරන ලද යෝජනාවට විත්තියේ නීතිඥයන් විරුද්ධ වූ අතර අවසානයේ අධිකරණය විසින් අදාළ නියෝගය නිකුත් කරන ලදී.

මේ පිලිබදව අල්ලස් කොමිසම විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.




13 Comments

  1. Den boru nadu daanna giyapu wiyadam gewanne anura kumarada? pelawaththenda?

    ReplyDelete
    Replies
    1. ලප කොටානෙනි, එතකොට හොරු ඉඳලම නැද්ද? මේ කුමන `ප` යන්නක් ද?

      Delete
    2. නඩුව බොරුනම් ඇයි මේ චූදිත පාර්ශ්වය කෝටි සීයකටත් වැඩි වන්දියක් ගෙවන්න එකඟ වෙන්නෙ? උන් දාන පාරමිතාවවත් පුරනවද??

      Delete
    3. මේක ඔප්පු කරන්න අල්ලස් කොමිසමට බැ. පුලුවන් නම් අය කරගෙන නේ චුදිත යවන්නේ . චුදිත ගේ නීතිඥයන් දැනටමත් විරුද්ද වෙලා ගෙවන්න එකඟ නැ . අන්තිමට චුදිතට අල්ලස් කොමිසමට ගෙවන්න වෙනවා නඩුව ඔප්පු නොකරොත් වන්දි . අල්ලස් කොමිසම එකෙන් ගැලවෙන්න දඟලනවා වාගේ

      Delete
  2. කවුද කවදද ඔය නඩුව දැම්මේ? නඩු ගාස්තු ගෙවන්නේ බදු සල්ලිවලින්ද? කවුද මේවට වග කියන්නේ?

    ReplyDelete
    Replies
    1. කියවලා බලපන් මෝඩයෙක් වගේ comment කොටන්න කලින්. ඇයි මේ වගේ නඩු වලට බදු වලින් නඩු ගාස්තු ගෙවන එක පාඩුයි ද? චූදිත පාර්ශවය සිදු කල පාඩුව සදහා කෝටි සීයකට වඩා ලොකු වන්දියක් ගෙවන්න එකඟ වෙනවා. මේවට නඩු දැම්මෙ නැතනම් මේ වංචා කරපුවට අලාභ ගෙවයිද?

      Delete
    2. මේක ඔප්පු කරන්න අල්ලස් කොමිසමට බැ. පුලුවන් නම් අය කරගෙන නේ චුදිත යවන්නේ . චුදිත ගේ නීතිඥයන් දැනටමත් විරුද්ද වෙලා ගෙවන්න එකඟ නැ . අන්තිමට චුදිතට අල්ලස් කොමිසමට ගෙවන්න වෙනවා නඩුව ඔප්පු නොකරොත් වන්දි . අල්ලස් කොමිසම එකෙන් ගැලවෙන්න දඟලනවා වාගේ

      Delete
  3. WHAT A FUCKING JOKE IS THIS ???????

    ReplyDelete
  4. දැන් ඉතින් ජෙප්පන්ගේ ඒ ආතල් එකත් ඉවරයි

    ReplyDelete
  5. dan kohomada mewa hodanne

    ReplyDelete
  6. ග්‍රීක බැදුම්කර අලාභය ලෙස ඇති රු. එකසිය අසූහතර කෝටි තිස් දෙලක්ෂ හැටහත්දහස් පන්සිය අනූ පහයි ශත හැට පහක මුදල වන්දියක් ලෙස මාස තුනක් තුළ ගෙවන කොන්දේසිය මත හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව ගොනුකළ අධිචෝදනාව මහාධිකරණය හමුවේ ඉල්ලා අස්කරගත් බවත්, කොන්දේසි සම්පූර්ණ නොකරන්නේ නම් යළි අධිචෝදනා ගොනු කරන බවත් අල්ලස් කොමිසම කියයි.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ මේක ඔප්පු කරන්න අල්ලස් කොමිසමට බැ. පුලුවන් නම් අය කරගෙන නේ චුදිත යවන්නේ . චුදිත ගේ නීතිඥයන් දැනටමත් විරුද්ද වෙලා ගෙවන්න එකඟ නැ . අන්තිමට චුදිතට අල්ලස් කොමිසමට ගෙවන්න වෙනවා නඩුව ඔප්පු නොකරොත් වන්දි . අල්ලස් කොමිසම එකෙන් ගැලවෙන්න දඟලනවා වාගේ

      Delete


  7. මෙම වරදට අදාළව සිදු වූ අලාභය ලෙස ගණනය කර ඇති රු.1,843,267,595.65 (රුපියල් එකසිය අසූ හතර කෝටි තිස් දෙලක්ෂ හැට හත්දහස් පන්සිය අනූ පහයි ශත හැට පහක ) ක මුදලක් වන්දියක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ පහත සඳහන් ගිණුමට බැර කළ යුතු බවට කොමිසම ඉදිරිපත් කරන ලද යෝජනාවට විත්තියේ නීතිඥයන් විරුද්ධ වූ අතර අවසානයේ අධිකරණය විසින් අදාළ නියෝගය නිකුත් කරන ලදී. ඒ කියන්නේ මේක ඔප්පු කරන්න අල්ලස් කොමිසමට බැ . දැන් බොරු බෝල දානවා .

    ReplyDelete
Previous Post Next Post