ඖෂධ ආනයනය අමාත්‍යවරයෙකු හෝ රජය කරන දෙයක් නොවේ... කලිනුත් එහෙමයි.. දැනුත් එහෙමයි...- නිසි බලධාරිගෙන් ප‍්‍රකාශයක්...

 


ඖෂධ ආනයනය කිරීම කිසිදු විටකදී අමාත්‍යවරයෙකු හෝ රජයක් මත සිදුකරන ක්‍රියාවලියක් නොවන බව ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ආචාර්ය මනුජ් සී වීරසිංහ මහතා පවසයි.

මෙරටට ගෙන්වූ එන්නත් වාර්ග කිහිපයක් භාවිතයෙන් ඉවත් කිරීම ගැන කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙසේ අදහද් පල කලේය.

"ඇමතිවරු හෝ රජයන් මත නොවෙයි ඖෂධ ලංකාවට ආනයනය සිද්ධ වෙන්නේ. එය ඉතාම පැහැදිලිව තේරුම් ගත යුතුයි. 

අමාත්‍යංශයක් විදියට කාර්ය භාර්යයක් තියෙනවා. අවුරුද්දක් පාසා අවශ්‍ය වාර්ෂික සැපයුමට අදාළ ටෙන්ඩරය ප්‍රසම්පාදනය කිරීම සඳහා ඖෂධ සංස්ථාවට ලබාදීම. ඒ අනුව ඒ කාර්ය සිදුවෙනවා අදාළ ප්‍රසම්පාදන කමිටු කාර්ය අනුව. 

2022 ටෙන්ඩරයක් ගියා, 2025 ටෙන්ඩරයක් ගියා. 2025 ටෙන්ඩරය එන්නේ 2024. 2025ට බෙහෙත් අවශ්‍ය නම් ඒ ටෙන්ඩර් එක දාන්නේ 2024. අඩුම තරමේ මාස 11ක විතර කාලයක් දැනට යනවා ඕඩර් එකක් දාලා ඖෂධ ටික රටට එන්න. ක්‍රමවේදය එහෙමයි. 

ඕනේ ඕනේ වෙලාට කඩෙන් ගන්නවා වගේ ගන්න බෑ. ඒවා හදන්න කාලයක් යනවා. සෞඛ්‍ය අමාත්‍යංශයේ කාර්ය භාරයක් විදියටයි යන්නේ. ඉස්සරත් එහෙමයි දැනුත් එහෙමයි".



7 Comments

  1. පව් බන් උඹල​

    ReplyDelete
  2. ශතවර්ශයකට ඉස්සෙල්ලා ඕඩරේ දැම්මත් රට අස්සට ගන්න කොට චෙක් කරල නෙමෙයිද ගන්නේ?.අන්න ඒක කියල හිටපන්කෝ.අවුලක් තියෙනවා නම් එතනදි අහුවෙනවනෙ.ඇමතියා මවුන්ට් ලැවේනියා හෝටල් එකේ රෑට පාටි දාලා ජාවාරම්කාරයෝත් එක්ක ඩිල් දාපුවා බේරන්න මූ හදන්නෙ.

    ReplyDelete
  3. තවත් ඩෝබියෙක්. එහෙනම් හිටපු ඇමතියො හිරේ ලගින්නෙ ඇයි?

    ReplyDelete
  4. ehenam kohomada gobbayo keheliya hire giye. nalinda jayathissath umbath hire iilanga aanduwen.

    ReplyDelete
  5. එහෙම වෙන්න බෑ කලිං ආණ්ඩුවලදී ඇමති දැං වෙන කවුරු හරි බාල බෙහෙත් ගෙනාවේ කෙහෙළියම තමයි

    ReplyDelete
  6. So that's mean Ex minister was innocent just like Nalinda bro. What a shame. So no one did anything wrong right? I mean these medicine just came from India. Therefore, India should held responsible right? System change is marvelous under this government.😜😂😂

    ReplyDelete
  7. කෙහෙලිය ඉනට අත් දෙක තියං 😀😁😄

    ReplyDelete
Previous Post Next Post