ඖෂධවල ප්‍රමිතිය ගැන ලොකු සාකච්චාවක්..


ඖෂධවල ප්‍රමිති තත්ත්ව පරීක්ෂණ කටයුතු නිසි ප්‍රමිතියෙන් පවත්වාගෙන යාමේ ක්‍රියාවළිය පුළුල් කිරීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි. 

මෙම සාකච්ඡාවේ දී ඖෂධවල ප්‍රමිතිය පවත්වාගෙන යාමේ ක්‍රියාවළිය පුළුල් කිරීමේ දී ඖෂධ තත්ත්ව පරීක්ෂණ කටයුතු ඉතා ක්‍රමවත්ව හා විධිමත් වැඩපිළිවෙලක් යටතේ සිදු කිරීම පිළිබඳව මූලික අවධානය යොමු කරමින් සාකච්ඡා සිදු කරන ලදි.

 

ඒ අනුව විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය (Sri Lanka Institute of Nanotechnology - SLINTEC), ශ්‍රී ලංකා ජෛව තාක්‍ෂණ ආයතනය (Sri Lanka Institute of Biotechnology - SLIBTEC), කාර්මික තාක්ෂණ ආයතනය (Industrial Technology Institute - ITI), ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (Sri Lanka Standards Institution - SLSI) සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA), ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනය (MRI) යන ආයතන නියෝජනය කරමින් නිලධාරීන් මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටියහ.        

 

මෙහි දී ඉහත ආයතන පරීක්ෂණ රසායනාගාර මගින් ඖෂධ තත්ත්ව පරීක්ෂණ කටයුතු  සිදු කිරීම මෙන්ම ඉහත ආයතන අතර මනා සම්බන්ධීකරණයක් පවත්වාගෙන යාම, එම ක්‍රියාවලි තුළ ප්‍රවර්ධනය කළ යුතු පරිමාවන් ඉහළ නැංවීම මෙන්ම  ලබාදෙන ඖෂධ තත්ත්ව පරික්ෂණ වාර්තා පිළීබඳ ජාතික ඖෂධ නියාමන අධිකාරියට පැනනගින ගැටළු  සහ අධීක්ෂණය කළ යුතු කරුණු ආදිය පිළිබඳව සාකච්ඡාවට බඳුන් විය.

 

මෙහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ ඖෂධ තත්ත්ව පරීක්ෂණ කටයුතු ජාතික ඖෂධ නියාමන අධිකාරියේ තත්ව පරීක්ෂණ විද්‍යාගාරය තුළින් සිදු කර ගැනීමේ දී යම් සීමාවන් පවතින බව නිරීක්ෂණය වන බැවින් ඉදිරියේ දී එම කටයුතු තවදුරටත් විධිමත් හා පුළුල් වැඩසටහනක් ලෙස ඉහළ නැංවීම සඳහා ද වැඩපිළිවෙළක් අවශ්‍ය වන බවයි. ඒ සඳහා යම් කාලයක් ද ගත වන බැවින් රජයේ යටතේ පවතින ආයතන හරහා එම කටයුතු යම් ආකාරයකින් සිදු කර ගැනීමේ හැකියාව පිළිබඳව සොයා බැලිය යුතු බව ද සඳහන් කරනු ලැබීය.

 

ඖෂධ සැපයුම් ක්‍රියාවළියට බාධාවක් නොවන පරිදි මෙහිදී ගැටළු සහගත සහ ප්‍රශ්ණ සහගත ඖෂධ සඳහා මෙම වැඩපිළිවෙළේ දී ප්‍රමුඛතාවය ලබාදිය යුතු බවත් සියලු ආයතන එක්ව මෙම වැඩපිළිවෙල නිවැරදි දැක්මක් සහිතව ක්‍රියාත්මක කළ යුතු බව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කරන ලදි.

 

මෙම සාකච්ඡාව සඳහා සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විඡේමුණි, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් වයි.එල්. මොහමඩ් නවවි, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විඡේවික්‍රම සහ අධ්‍යක්ෂ ජනරාල් මෙන්ම ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය කේ.එම්.ජී.කේ බණ්ඩාර යන මහත්වරුන් සහ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ වන ආයතන නියෝජනය කරමින් නිලධාරින් පිරිසක් සහභාගී වී සිටියහ.

3 Comments

  1. අනිවාර්යෙන් ඇමතියා වග කියන්න ඕන. දැන් බොරු ෂෝ දානවා. බාල බෙහෙත් වලින් තුන් දෙනෙක් මැරුණට පස්සේ. හරිනම් ඝාතනයක් විදියට සලකලා ඇත අඩංගුවට ගන්න ඕන. කොහෙද අධිකරනෙත් කොඳු කඩලා තියෙන්නේ. හොර හැත්ත.

    ReplyDelete
  2. සාකච්චා කරාට වැඩක් නෑ. නලින්ද ජයතික්සගේ පැහැදිලි කිරීම අනුව, නලින්ද ජයතිස්ස හිරේ. කීල්ස් බෑග් එක ලෑස්ති කරගන්න.

    ReplyDelete
  3. ලංකාව ඉදිරියට යාමක්, එහෙම නැතිනම් යම් දියුණුවක් ලැබීමක් සිදු වුන අවස්ථා තුනක් මෑත ඉතිහාසයේ තියනවා. ඒ තමයි JR ආණ්ඩුව, හත් අවුරුදු ශාපයෙන් රට මුදවා ගැනීම, MR ආණ්ඩුව, තිස් අවුරුදු ශාපයෙන් රට මුදවා ගැනීම සහ RW ආණ්ඩුව, ආර්ථිකය යම් තරමකට හෝ නැවත ස්ථාවර කිරීම. මේ අවස්ථා තුන හැරුන කොට, හැම විටම සිදු උනේ කලින් රජයට වඩා අභාග්‍ය සම්පන්න යුගයකට රට වැට්ටවීමයි. මරා ගේ දෙවැනි රජය, ඊට කලින් එකට සාපේක්ෂව රට වැට්ටුවා. යහපාලනය ලංකාව තවත් පහලට දැම්මා. ගෝඨා කාබාසිනියා කරලම දැම්මා. රනිල්, උන්න හැටියට මළා මදැයි තත්ත්වයකට රට ගෙනාවා. දැන් ඉතිං කවදාවත් ගොඩ ගන්න බැරි තත්ත්වයකට රට පත් කිරීමේ ගෞරවය හිමි කර ගන්න AKD රජය උත්සාහ දරමින් ඉන්නවා.

    ReplyDelete
Previous Post Next Post