Dialog Axiata PLC සමාගම, ලොව ප්‍රමුඛතම චන්ද්‍රිකා අන්තර්ජාල සේවා ජාලයක් වන ස්ටාර්ලින්ක් (Starlink) සමඟ අත්වැල් බැඳගත් බව නිවේදනය කර සිටියි. මෙම සුවිශේෂී හවුල්කාරිත්වය හරහා දිවයින පුරා විසිරී සිටින ව්‍යාපාරික ප්‍රජාව, රාජ්‍ය හා පෞද්ගලික ආයතන මෙන්ම මෙතෙක් නිසි අන්තර්ජාල පහසුකම් නොලැබුණු ප්‍රදේශවල ජනතාව සවිබල ගැන්වීම සඳහා අධිවේගී චන්ද්‍රිකා අන්තර්ජාල විසඳුම් හඳුන්වා දීමට නියමිතය.
ශ්‍රී ලංකාව තුළ ස්ටාර්ලින්ක් සේවාවන්හි බලයලත් නියෝජිතයා ලෙස කටයුතු කරමින්, සාම්ප්‍රදායික ජාල යටිතල පහසුකම් ළඟා වීමට අපහසු ප්‍රදේශවලට ලොව දියුණුම චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ අධිවේගී හා අවම ප්‍රමාදයකින් යුත් (Low-latency) අන්තර්ජාල සබඳතා ලබා දීමට ඩයලොග් සමාගම කටයුතු කරනු ඇත. මෙය මෙරට ඩිජිටල් සන්නිවේදන ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරළියක් වනු නොඅනුමානය.
මෙම හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින් Dialog Axiata PLC හි අධ්‍යක්ෂ/ සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ මහතා මෙසේ ප්‍රකාශ කළේය.
"මෙම සහයෝගීතාවය, දිවයිනේ සන්නිවේදන පහසුකම් අවම ප්‍රදේශවලට විශ්වාසදායක අධිවේගී අන්තර්ජාලය ව්‍යාප්ත කිරීමේ අපගේ මෙහෙවරෙහි සුවිශේෂී සන්ධිස්ථානයකි. ස්ටාර්ලින්ක් සමඟ එක්වීමෙන් මෙරට ඩිජිටල් පරතරය අවම කර, ව්‍යාපාර, ආයතන සහ විවිධ ප්‍රජාවන් නවීන තාක්ෂණයෙන් සවිබල ගැන්වීමට අපට හැකි වනු ඇත."
ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා තාක්ෂණය ඩයලොග් සතු පුළුල් ජාල ව්‍යුහයට තවදුරටත් ශක්තියක් එක් කරන අතර, එමඟින් මෙතෙක් සන්නිවේදන පහසුකම් අවමව පැවති ප්‍රදේශවල ඵලදායිතාව, නවෝත්පාදනය සහ ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට මහෝපකාරී වනු ඇත.
මෙහිදී ආයතනික පාරිභෝගිකයන්ට ඩයලොග් සමාගමේ ආයතනික විසඳුම් අංශය හරහා ඉතා ඉක්මනින් ස්ටාර්ලින්ක් සේවාවන් ලබා ගැනීමට අවස්ථාව හිමිවේ. එමෙන්ම, පාරිභෝගිකයන්ට බාධාවකින් තොර අත්දැකීමක් ලබා දීම වෙනුවෙන් උපකරණ ස්ථාපනය, අලෙවියෙන් පසු සේවා සහ නඩත්තු කටයුතු සඳහා ඩයලොග් වෙතින් විශේෂ සහයක් ද සපයනු ලබයි.

ඒ්කත් ඉවරයි. කාලකන්නි Dialog කාරයො ටික ඒකටත් පැනලා.
ReplyDeleteAs usual Dialog will bring the current data speed to their bullock cart level. It is SAD
ReplyDeletehttps://www.dailymirror.lk/news-features/Near-completed-much-delayed-PAEH-Is-Port-Access-Elevated-Highway-becoming-another-white-Elephant/131-328263
ReplyDelete