පවතින දේශපාලන සහ ආර්ථික අර්බුදය හමුවේ රනිල් වික්‍රමසිංහ මහතා අනුගමනය කරන ක්‍රියාමාර්ග දැඩි විවේචනයට ලක් කරමින් ශ්‍රී ලංකා කම්කරු ජනතා පෙරමුණ සහ කම්කරු සභාවේ නියෝජිතයින් හැටන් නගරයේදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වන ලදී.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා කම්කරු ජනතා
පෙරමුණේ සභාපති චමීර පෙරේරා මහතා එහි ජාතික සංවිධායක මිලන් පෙරේරා මහතා සහ
නොර්වූඩ් ප්‍රාදේශීය සභා මන්ත්‍රී නෝයෙල් ජනස්ටර් මහතා ඇතුළු ක්‍රියාකාරීන්
පිරිසක් සහභාගී වූහ.
මාධ්‍ය හමුවේදී අවධාරණය වූ කරුණු
චමිර පෙරේරා මහතා සහ ක්රියාකාරිකයන් අදහස් දක්වමින් මෙසේ කීය
,
මීට මාස කිහිපයකට පෙර තමන් දැඩි සෞඛ්‍ය
ගැටලුවලින් පෙළෙන බව පැවසූ රනිල් වික්‍රමසිංහ මහතා, එළඹෙන ජනවාරි මාසය වන විට රට
බරපතල ආර්ථික අගාධයකට වැටෙන බව පවසමින් ජනතාව භීතියට පත් කරන බවත්, මෙය බලය ලබා
ගැනීම සඳහා සිදු කරන "ජනතාව නොමග යැවීමක්" බවත් සභාපති චමීර පෙරේරා මහතා
මෙහිදී ප්‍රකාශ කළේය.
රනිල් වික්‍රමසිංහ මහතා සැමවිටම කටයුතු කරන්නේ
මෙරට ජනතාව වෙනුවෙන් නොව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ ලෝක මූල්‍ය සමාගම්වල වුවමනා එපාකම්
පිරිමැසීමට බවත්, ඒ හරහා මෙරට ජනතාවගේ ශ්‍රමය සහ සම්පත් සූරාකෑමට ඉඩ හරින බවත්
ජාතික සංවිධායක මිලන් පෙරේරා මහතා අවධාරණය කළේය.
රටේ පවතින ස්වභාවික සහ ආර්ථික ව්‍යසනයන්
පවා තම දේශපාලන අරමුණු වෙනුවෙන් භාවිත කරන බවට වික්‍රමසිංහ මහතාට චෝදනා කළ නෝයෙල්
ජනස්ටර් මහතා, ඔහු කිසිදාක ජනතාවගේ නියෝජිතයෙකු ලෙස කටයුතු කර නොමැති බව පවසා
සිටියේය.
ශ්‍රී ලංකාවේ
වත්මන් තත්ත්වය පිළිබඳව ලොව පිළිගත් ආර්ථික විද්‍යාඥයින් 120 දෙනෙකු සිය අවධානය
යොමු කර ඇති පසුබිමක, රජය විසින් අත්තනෝමතික ලෙස ක්‍රියාත්මක කරන ආර්ථික ප්‍රතිසංස්කරණ
පිළිබඳව වෘත්තීය සමිති නායකයෝ සිය දැඩි කනස්සල්ල පළ කළහ.
ආර්.එෆ්.එම්.සුහෙල්

ආ. ඔය ආපහු එලියට බැහැලා තියෙන්නේ, මයික් ටයිසන්. මොකද දැන් NPP ආණ්ඩුව ගැන කියන්නේ. ඒවා ගැන කතා නැහැනේ. එතකොට අනුර වැඩ කරන්නේ ලෝක බැංකුවට ඕනෑ විදියට නොවේද? මහා ලොකු වාමාංශික කයියෝ!
ReplyDeleteCorrect bro. Anraia is always for the people, of the people and by the people and had never dance according to whims and fancies of multi lateral and so called foreign funding agencies.
ReplyDelete(Hidden note: I am well looked after by my beloved masters [AKD/ Pelawatte/ JAHA-MARA etc. for making these kind of periodical lambastings and without their support I and my loved ones cannot financially and operationally survive. That is the bitter truth bro. - Chameera P)
රැවුලයි කැඳයි දෙකම බෑ
ReplyDeleteIMF ගේන්න කියලා කිව්වේ කව්ද? ගෝල්ෆෙස් විරෝධතාකරුවන්
IMF ගේන්න අකමැති වුනේ කව්ද? ගෝඨාභය
ගෝඨාභය කිව්වේ ප්රශ්නය ණය නම්, විසඳුම ණය ගෙවීම මිස, තව ණය ගැනීම නොවේය කියලා
ගෝඨභය IMF වැඩ පිළිවෙලට මුල පිරුවේ ගෝල්ෆේස් බලපෑම උඩ මිස හිතට එකඟව නොවේ.
ගෝඨාභය IMF නොයා ඉන්න කොට කිව්වේ රාජපක්ෂලා ගේ දූෂණ අහු වෙන නිසා IMF යන්නේ නෑ කියලා
අන්තිමට ගෝඨාභය ගියා
IMF ආවා
රනිලුත් ආවා
ඊට පස්සේ ගෝල්ෆේස් විරෝධතා දිය වෙලා ගියා - ඊට ප්‍රධානම හේතුව ගෝල්ෆේස් විරෝධතා තුල රනිල් වික්‍රමසිංහ විරෝධයක් නොතිබීමයි
ගෝල්ෆේස් විරෝධතා වලට ගිය අය දැන් IMF එකට විරුද්ධ වීම විහිළුවක් විතරයි
My nam Wes...ge puthek
ReplyDeleteහලෝ හලෝ. බොහොම කාලෙකින්. මේ උන්නැහේ, රනිල්ටයි අරයටයි මෙයාටයි බැනලා වැඩක් නැහැ. ඔයාල පස්ස උඩ දාගෙන පත්කරපු මාලිමාව ගැන කියන්න. දැන් ධම්මික පෙරේරා, ඉෂාර නානායක්කාර, බාලේන්ද්‍රන් ලගේ කාලේ හොඳයි. ඔයා වගේ අය දැන් කරපිංචා. දැන් මහා බැංකුවේ ලොක්කා ෂෝයි අනේ. දැන් විශ්ව විද්‍යාල අචාර්යවරු වැඩක් නැහැ. දැන් ඉන්නවා අලුත් යාලුවෝ. අනේ පව්, හරි වැඩේනේ වුනේ.
ReplyDeleteMr Chamira, after long time, no? Now all good, working as World Bank says. Not as you and useless leftists say. NPP also following Ranil. so why you blagard Ranil.
ReplyDeleteඅනේ මේ අමාරුවේ වැටිලා ඉන්න අහිංසකයට ගහන්න එපා. මිනිහ අමාරුවේ වැටිලා ඉන්නේ. කාලයක් සජිත් එක්කයි ජලනි පස්සෙයි ගියා. මිනිහව ගණන් ගත්තේ නැහැ. අනුරගෙනුත් කිසිම ගණන් ගැනීමක් නැහැ මොකද ජෙප්පෝ දන්නවා මිනිහා කව්ද කියලා.
ReplyDelete