REBUILD ශ්‍රි ලංකා අරමුදලට වතු කම්කරුවන්ගෙන් ලක්‍ෂයක් මාලිමා මන්ත‍්‍රීට බාර දේ...

 


දිට්වා සුලි කුණටුවෙන් යලි පිබිදීමට රජය විසින් ආරම්භ කර ඇති රී බිල්ඩ් ශ්‍රී ලංකා අරමුදලට රු.108000ක මුදල් තැම්පත් කර එය නිළ වශයෙන් වතු කම්කරුවන් විසින් නුවරඑලිය දිස්ත්‍රික් පා.ම. මංජුල සුරවීරඅරච්චි මහතා සහ පා.ම. ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි මෙනවිය වෙත (27) දින භාර දෙනු ලැබූහ.

බගවන්තලාව වැවිලි සමාගමට අයත් බගවන්තලාව කොටියාගල වතුයායේ එන් සී කොටසේ පදිංචි වතුකම්කරුවන් විසින් ඔවුන්ගේ දෛනික එක් දින වැටුපෙන් සහ එම වතු කම්කරුවන්ගේ කොළඹ ඇතුලු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරතව සිටින දරුවන්ගේ වැටුපෙන් ලබා දුන් මුදල් එක් රැස් කර මෙසේ රු.108000ක මුදලක් රී බිල්ඩ් ශ්‍රී ලංකා අරමුදල වෙත බැර කර එය නිළ වශයෙන් වතු කම්කරුවන් විසින් එම වතුයායෙ පිහිටි කෝව්ලේදි සංකේතාත්මකව භාර දෙන ලදි.

මෙම මුදල් පරිත්‍යාගය ලබා ගත් ජාතික ජන බලවේගයේ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම. මංජුල සුරවීරආරච්චි මහතා කියා සිටියේ මෙම අරමුදලට දිවයිනේ විශාල පිරිසක් මේ වන විට මුදල් පරිත්‍යග කරන බවත්, ඒ අතරින් ජනාධීපති අනුර කුමාර දිසානයක මහතා සහ රජය කෙරෙහි පුර්ණවිශ්වාසය තබා දෛනික වැටුපක් ලබා ගෙන ජීවනෝපාය සිදු කරගෙන යන වතු කම්කරුවන් විසින් ලබා දුන් මෙම මුදල ඉතා අගය කොට භාර ගන්නා බවයි.

එම මුදල රී බිල්ඩ් අරමුදල හරහා යලි රට නගාසිටුවීමට නිසි ලෙස අවශ්‍ය කටුයතු සදහා බැර කරන බවයි මංජුල සුරවීරආරච්චි මන්ත්‍රීවරයා  කියා සිටියේ.

මෙහිදි අදහස් දැක්වු වතු කම්කරුවන් කිය සිටියේ ආපදාවට පත් ජනතාවටද තමන්ට හැකි උපරිම අයුරින් සහයෝගය ලබා දුන් බවත්, මීට අමතරව සියලු දෙනා එත් වී මෙම මුදල රජයට ලබා දෙන බවයි.

1 Comments

Previous Post Next Post