විදුලි බිද 1/3කින් අඩු කරනවා කීවෙ අවුරුදු තුන හතරකින්..- මුදල් නි. ඇමති


මාලිමාණ්ඩුව බලයට පැමිණි විගස විදුලි බිල තුනෙන් එකකින් අඩු කරන බවක් කිසිසේත් ප්‍රකාශ නොකළ බව කම්කරු, මුදල් අමාත්‍ය සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත පවසයි.

"අපි ආණ්ඩුව ආ ගමන් ඊළඟ මාසේ විදුලි බිල 1/3කින් අඩුකරනවා කීවේ නෑ. අපි විදුලි බිල 1/3කින් අඩු කරන්න දිගුකාලීන ගමනක් යනවා. අපි කිව්වා අවුරුදු 3-4ක් මේ සඳහා යනවා කියලා. මේක කඩෙන් බඩු ගන්නවා වගේ අඩු කරන්න බෑ. ඒක කොහේ හරි තැනකින් ආවරණය කරගන්න ඕන. නිෂ්පාදන පිරිවැය පහළට ගේන්න ඕන. ඒකට පුනර්ජනනීය විදුලි ධාරිතාව අඩු මිලට වැඩිකරන්න ඕන. 

එක පැත්තකින් කියනවා සෝලා විදුලියට රු. හැට ගාණේ දෙන්න කියලා. අනික් පැත්තෙන් කියනවා, විදුලි බිල අඩුකරන්න කියලා. මේ ආර්ථික විද්‍යාව නොදන්නකමද? මේක පරස්පර විරෝධියි. අපේ අරමුණ අඩු කිරීම. අඩු කරන්න නම් ජනනය සඳහා පිරිවැය අඩු කරන්න ඕන. ඒකට තමයි විදුලි බල පනත ගෙනැත් විදුලි බලය සඳහා සමාගම් හතරක් හදන්නේ. අපේ සැලසුම පුනර්ජනනීය බලශක්තිය සියයට හැත්තෑව දක්වා වැඩිකර ගැනීම. 

අපට සුළං සහ සූර්ය විදුලිය අවශ්‍යතාවට වඩා නිෂ්පාදනය කරන්න පුළුවන්. නමුත් එම විදුලිය අපනයනය කරන්න හෝ වෙනත් විකල්පයක් හෝ අවශ්‍යයයි. ඒ සඳහා තමයි ඇමෝනියා සහ ග්‍රීන් හයිඩ්‍රජන් ව්‍යාපෘතිවලට අතගහලා තියෙන්නේ. ඒ නිසා පොඩ්ඩක් ඉවසන්න ඕන. එකපාර අඩු කරන්න බෑ. අපි ක්‍රමිකව වැඩ කරමින් ඉන්නවා අඩු කරන්න."

ස්වර්ණවාහිනී රතු ඉර වැඩසටහනට එකතු වෙමින් ඇමති අනිල් ජයන්ත මේ බව කීය.

7 Comments

  1. හම්බො ඔව්. මෙයාල විපක්ෂෙ ඉන්නකොට මෙවාට කොච්චර දේවල් කිව්වාද...? මෙයාල විපක්ශෙ හිටියනම් කරන්ට් එක කප්පල කඩාකප්පල් කාරි ක්‍රියා කරල, වර්ජන කරවල...

    ReplyDelete
    Replies
    1. වෑල්ඩින් ආචාර්ය - ජාතික කුරුස පෙරමුණJanuary 4, 2026 at 6:47 AM

      එක පෑන් පාරෙන් කරනවා කිව්වේ. ඔව් ඉතින් එක පෑන් පාරෙන් කරන්නේ කවද්ද කියලා කිව්වේ නෑනේ. උඹලා හොඳට අහගෙන ඉන්න ඕන. ඊලඟ අවුරුදු 5ත් අරගෙන අවුරුදු 9 ඉවර වෙන්න කලින් දවසේ එක පෑන් පාරෙන් අඩු කරලා දෙන්නන්. ඊලඟ පාරෙත් ඡන්දෙ දීපල්ලා. අපි පුන්නක්කු මිල වැඩි කරන්නේ නෑ.

      Delete
  2. වැඩ ඔක්කොම අනාගෙන

    ReplyDelete
    Replies
    1. වෑල්ඩින් ආචාර්ය - ජාතික කුරුස පෙරමුණJanuary 4, 2026 at 6:50 AM

      කවුද වැඩ අනාගෙන තියෙන්නේ. පිස්සුද බං. උන් ලස්සනට ගේම ගහගෙන යනවා. මොකද 2/3 තියෙන ආණ්ඩුව උඹලා වට්ටන්නද? දිනන්න බැරි නම් ව්‍යවස්ථාව වෙනස් කරලා හරි බලේ ඉන්නවා. අරගල කරල එලවන්න නම් හිතන්නවත් එපා. මොකද ඉන්දියාවයි ඇමරිකාවයි හරිම කැමතියි මේ වගේ රූකඩයො ආන්ඩුවේ ඉන්නවට. බුරියානි වලට ගෙවන්නේ නෑ වෙන එකෙක්ට. අනිත් එක සෝසල් මීඩියා වල ඇල්ගොරිදම් වෙනස් වෙන්නෙ නෑ වෙන එකෙක්ට.

      Delete
  3. අනිල් මල්ලිය හොඳ කතා කාරය.
    අපට සුළං සහ සූර්ය විදුලිය අවශ්‍යතාවට වඩා නිෂ්පාදනය කරන්න "පුළුවන්" ලු
    හැබැයි හදන්නේ නෑ හදන්න සැලසුමක් වත් නෑ
    නොහැදුවත් නමුත් එම විදුලිය අපනයනය කරන්න හෝ වෙනත් විකල්පයක් හෝ අවශ්‍යයයි ලු.
    ඒ විකල්පෙ හොයාගන්න ඕනෙලු මුලින්ම,
    අවශ්‍යතාවට වඩා නිෂ්පාදනය කරන්න පුළුවන් විදුලිය නිපදුවොත් රටට ලාබෙට විදුලිය දෙන්ට පුළුවන් කියල අනිල් මල්ලියට තේරෙන්නේ නෑ
    මේ ග්‍රීන් හයිඩ්රොජන් තාම හදන්නේ රටවල් දෙක තුනක් විතරයි එත් හදන්නේ ටිකයි
    ඒ හදන්නෙත් ඒ අයගෙ කාබන් ෆුට් ප්‍රින්ට් එක අඩු කරගන්න මිසක් වෙන මගුලකට නෙවේ.
    අනික ඔය වැඩේට අධික වියදමක් යනවා, හා එකට නං කමක් නෑ අපි (වැඩ නොකර) බජට් එකෙන් ඉතිරිකර ගත්ත සල්ලි තියෙනවනේ. ඩබල් කැබ් ගත්තත් තව සල්ලි ඉතුරුයි.
    අපේ රට ඉන්න සහෝදරවරු ඉල්ලන සුනංගුවෙන් මාසෙට ඩොලර් බිලියනය ගානේ එවන්න සුජානමින් ඉන්නෙ.
    අපේ මහළු ටිල්වින් සහෝදරයට වෙලාවක් ආ ගමන්ම ඒ සල්ලි ඉල්ලාවි.
    එතෙක් ඉවසමු.


    ReplyDelete
  4. National Pacha Party (NPP)January 4, 2026 at 6:35 AM

    වල් පරයා. තොපි කිව්වේ එක පෑන් පාරින් කරනවා කියලා. අවුරුදු 3, 4 කතාවක් කිව්වේ නෑ. මූ නම් විනෝදෙට බොරු කියන කාලකන්නියෙක්, මූල්‍ය පාලනය කරන්නේ මේ පරයා උනාට IMF එකත් එක්ක කතා කරලා ජනතාවට අරන් දෙනව කිව්ව සහන කෝ?

    ReplyDelete
    Replies
    1. වෑල්ඩින් ආචාර්ය - ජාතික කුරුස පෙරමුණවෑල්ඩින් ආචාර්ය - ජාතික කුරුස පෙරමුණJanuary 4, 2026 at 6:51 AM

      ඔව් ඉතින් එක පෑන් පාරෙන් කරන්නේ කවද්ද කියලා කිව්වේ නෑනේ. උඹලා හොඳට අහගෙන ඉන්න ඕන.

      Delete
Previous Post Next Post