පාසල් දරුවන් උදෙසා මුද්‍රණය කරන ලද අධ්‍යාපන මොඩියුල දාහතරක අක්ෂර වින්‍යාසය සහ ව්‍යාකරණ දෝෂ 150ක් පමණ පවතින බවත්, මෙය බරපතළ මූල්‍ය අවභාවිතයක් බවත් සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රීනි රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.
මන්ත්‍රීවරිය සඳහන් කළේ, ඉංග්‍රීසි මාධ්‍ය මොඩියුල සඳහා පමණක් රුපියල් කෝටි හයක මහජන මුදලක් වැය කර ඇති බවයි. මෙම දෝෂ සහගත තත්ත්වය පිළිබඳව අධ්‍යාපනඥයන් පවා කරුණු පෙන්වා දී ඇති බවත්, ඇතැම් මොඩියුලවල පවතින දුර්වල නිමාව හේතුවෙන් පිටු ගැලවී ගොස් අවසානයේ ඉතිරි වන්නේ පිටකවරය පමණක් බවත් ඇය කීවාය.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රියාකලාපය දැඩි දෝෂදර්ශනයට ලක් කළ ඇය, මෙම මොඩියුල වසන් කරමින් ගුරුවරුන් පුහුණු කිරීමට උත්සාහ කළ බවට ද චෝදනා කළාය.
එමෙන්ම ජාතික ජන බලවේගයේ අධ්‍යාපන ප්‍රතිපත්තිය තුළ සමලිංගිකත්වය ඇතුළත් දැයි ප්‍රශ්න කළ මන්ත්‍රීවරිය, මෙවැනි ක්‍රියාවන් හරහා රජයේ දේපළ නාස්ති කරන පිරිස්වලට දඬුවම් දිය යුතු බව අවධාරණය කළාය.
දරුවන්ට අවශ්‍ය නිල ඇඳුම් පවා නිසි වේලාවට ලබා දීමට අපොහොසත් වී ඇති අධ්‍යාපන අමාත්‍යාංශය, වර්තමානය වන විට අතිශය අවුල් සහගත මට්ටමකට පත්ව ඇති බව ද ඇය වැඩිදුරටත් පැවසුවාය.

Dobilata නම් මෙවා එච්චර ලොකු දේවල් නෙවෙයි.
ReplyDelete