හමුදා කෑම ටෙන්ඩරයෙන් කෝටි 18ක් වමට ගහයි..


2026 වසර වෙනුවෙන් යුද, නාවික සහ ගුවන් හමුදාවන්ට ආහාර ද්‍රව්‍ය සැපයීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීමේදී රුපියල් කෝටි 18 කට අධික මූල්‍ය වංචාවක් සිදුව ඇති බවට චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට  පෙත්සමක් යොමු විය. 

'අල්ලස, දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය' සංවිධානයේ නියෝජිත ජාමුනි කමන්ත තුමාර මහතා විසින් මෙම පැමිණිල්ල සිදුකර ඇත.

 වියළි හා නැවුම් සලාක සැපයීම සඳහා කැඳවූ ටෙන්ඩරයේදී අවම මිල ගණන් ඉදිරිපත් කළ සහ සුදුසුකම් සපිරූ ආයතන පසෙකලා ඇත.

පැරණි සැපයුම්කරුවන්ගේ වුවමනාව මත සූක්ෂම ලෙස අභියාචනා මණ්ඩලයක් පත් කර ඇති අතර, එමගින් අදාළ ටෙන්ඩරය නැවතත් එම පැරණි පාර්ශවයන් වෙතම ලබා දීමට කටයුතු කර තිබේ.

මෙම අක්‍රමවත් ක්‍රියාවලිය හේතුවෙන් රුපියල් මිලියන 180 ක මූල්‍ය අක්‍රමිකතාවක් සිදුව ඇති බවට පැමිණිලිකරුවන් අවධාරණය කරයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් වහාම විධිමත් විමර්ශනයක් පවත්වන ලෙසද එම සංවිධානය බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

2 Comments

  1. සාක්ෂි තියෙනවා නම් අධිකරණයට යන්න බයද?

    ReplyDelete
  2. Allas eken investiation karala dushanayak wela thiyenawanam nadu dai allas ha dushana ekakayen..

    ReplyDelete
Previous Post Next Post