2020 මහා මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට මහාචාර්ය ධුරයෙන් ඉවත්වූ චන්න ජයසුමන නැවත 2024 දෙසැම්බරයේ සිය ධුරය සඳහා ඉල්ලුම්කර තිබේ.
රජරට විශ්වවිද්‍යාලයේ ආචාර්ය ජයසුමන සේවය කළ දෙපාර්තමේන්තුවේ මේ වන විට එක් ආචාර්යවරයකු පමණක් සේවය කළද පුරප්පාඩු පැවතියද ඔහු නැවත බඳවා ගැනීමට කටයුතු කර නොමැත.
ආචාර්ය චන්න ජයසුමන මේ පිළිබඳ අධ්‍යාපන අමත්‍ය අගමැතිනි හරිනි අමරසූරියගෙන් කිහිපවතාවක් ලිඛිතව විමසුව ද ඊට ප්‍රතිචාර දක්වා නොමැත.
ආචාර්ය චන්න ජයසුමනගේ පර්යේෂණ සඳහා හතර වරක් ජනාධිපති සම්මාන හිමි වූ අතර 1958 වයස අවුරුදු 38දී මහාචාර්ය ධුරයට පත්ව ආචාර්ය සේනක බිබිලේ තැබූ වාර්තාව 2016 වසරේදී වයස අවුරුදු 36දී මහාචාර්ය ධුරයට පත්වෙමින් බිඳ දමන ලදි.
2019 වසරේදී ඇමරිකා එක්සත් ජනපදයේ විද්‍යාභිවර්ධන සංගමය පිරිනමන අන්තර්ජාතික සම්මානය මහාචාර්ය ජයසුමනට හිමි විය. එම සම්මානය හිමි වූ පළමු දකුණු ආසියාතිකයා ඔහුය.
ඒ විවිධ පාර්ශ්වවලින් එල්ල වූ අභියෝග හමුවේ නොසැලී කෘෂිකාර්මික ප්‍රජාවගේ වකුගඩු රෝගය පිළිබඳ සිදුකළ පර්යේෂණ වෙනුවෙනි.
ඇමරිකා එක්සත් ජනපදයේ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලය මගින් සිදු කරන විද්‍යාඥයන් වර්ගීකරණයේදී ලොව හොඳම විද්‍යාඥයන් 2% අතරට අඛණ්ඩව තෙවරක් තේරී පත්වීමට ඔහුට හැකි විය.
මේ වන විට ශ්‍රී ලංකාවේ වෛද්‍ය සිසුන්ට ආචාර්ය චන්න ජයසුමනගේ සේවය අහිමි කර තිබුණ ද ඔහු විදෙස් විශ්වවිද්‍යාල දෙකක ආරාධිත මහාචාර්යවරයෙකු ලෙස සේවය කරයි.
මේ අතර රජරට විශ්වවිද්‍යාලය සදහා උප කුලපතිවරයෙකු පත් කර ගැනීම සඳහා පිටපිට තෙවන වරටත් පාලක සභාවේ ඡන්ද විමසීමක් පවත්වා ඇත. වසරක කාලයක් රජරට විශ්ව විද්‍යාලයේ උපකුලපති ධූරය හිස්ව පවතින අතර ඒ සඳහා වත්මන් රජය වැඩබලන උපකුලපතිවරයෙක් පත් කළේය.
සාමාන්‍යයෙන් පාලක සභාවේ ඡන්දයකින් නම් කරන තිදෙනෙකු උසස් අධ්‍යාපන ඇමතිවරයාට යොමු කර යොමුකර, ජනාධිපතිවරයා මගින් එක් නමක් උපකුලපති ලෙස පත්කිරීම විශ්වවිද්‍යාල සම්ප්රදායයි.
වත්මන් වැඩබලන උපකුලපතිවරයා තුන් වතාවක්ම මෙම නම් තුන අතරට නොපැමිණීම නිසා ස්ථීර උපකුලපතිවරයෙකු පත් නොකර ඔහුවම පත් කිරීම සඳහා දිගින් දිගටම උත්සහා දරණ බවට මතයක් පැතිර ඇත.

චන්න පැනි සුමනයා සුදර්ශනී පැනියයි, කුණ්ඩලීනි මුට්ටි ගඟේ දාන එකයි ගැන වෙන්න ඇති උගන්නන්නේ. නොදකින් ගන් කබරයා
ReplyDeleteවෙන රටකට ගියානම් හරි. මේකෙම ඇමනෙන්නෙ නැතුව
ReplyDeleteතොපිට හරි අමාරුයි නේ තොපේ අර නලින්ද දනහිස්සයට තැනක් නැති එක ගැන. උඹලගෙ ලප කොටා මොන තරම් කුහකද මේ වගේ උගත් කෙනෙකුට ලංකාවෙ විශ්ව විද්යාලෙක සේවය කරන්න ඉඩ නොදෙන්න. උඹලගෙ අර හොර ආචාරියො දාල කැම්පස් වල උගන්නපල්ල. කාලකන්නි
ReplyDeletegood. he is politicians and talk nonsense
ReplyDeleteවකුගඩු රෝගය පිළිබඳ සිදුකළ පර්යේෂණ
ReplyDeletethey want to sell more medicine ..
Ane tholonchi wela palawan ban meken
ReplyDeleteඑළාර කොටාගෙ පුක් කොල්ලා තමයි සැරෙන් සැරේට ඇවිල්ල ආචාර්ය ජයසුමනට සිංහලෙනුයි, ඉංග්‍රීසියෙනුයි දෙකෙන්ම කොටල මඩ ගහල තියෙන්නෙ.
ReplyDeleteකොමෙන්ට් එහෙකට ටිල්විය පන්දාහක් දෙනව, කොමෙන්ට් දෙක තුනක් දාගත්තනම් ඩෝබිය ගොඩ.
ReplyDeleteනාථ දෙයියන්ගෙන් අහගෙනලු නේ වකුගඩු රෝගෙට හේතුව හොයාගත්තෙ
ReplyDeleteනමුත් ඒ ගමන්ම ලෙඩේට බේත මොකක්ද කියල අහගන්න අමතක වෙලා.
ලෝකෙ ඕන රටක දන්නවා හාල්වල ඉතාම සුළු ප්‍රමාණයක් ආසනික් අඩංගුයි කියල. රටෙන් රටට හාලෙන් හාලට ප්‍රමාණය වෙනස්.
මූ දෙයියනුත් විකුණගෙන කාපු එකෙක්.
අහෝ පැලෝපීය ජන්න ඔබට වුනු දේ