යාල වනෝද්‍යානය හරහා වැටී ඇති මෙම මාර්ගයේ දෙපස මීටර් 20ක පමණ ප්‍රමාණයක් ශුද්ධ පවිත්‍ර කිරීම මෙහි ප්‍රධාන ක්‍රියාන්විතයයි.
ගෝනගං ආර සහ සෙල්ල කතරගම අතර කිලෝමීටර් 17කට අධික දුරක් ආවරණය වන පරිදි මාර්ගය දෙපස ඇති කටු පඳුරු ඉවත් කිරීම නිසා රියදුරන්ට මෙන්ම මඟීන්ට ද වන සතුන් සිටින ස්ථාන ඈත තියා හඳුනාගත හැකිය. එමෙන්ම සතුන්ට ද රථවාහන පැමිණීම පැහැදිලිව දැකගත හැකි වේ.
මාර්ගය අද්දර සෙවන සහිත ස්ථාන අවම වීම නිසා වනඅලින් පාර අයිනේ රැඳී සිටීම අඩුවන බව නිරීක්ෂණය වී ඇත.
මින් පෙර වාර්තා වූ වනඅලි පහරදීම් මෙන්ම වාහනවල ගැටීමෙන් වන සතුන් මියයාමේ තත්ත්වය ද මින් සැලකිය යුතු ලෙස පාලනය වේ.
මෙම ව්‍යාපෘතියේ කටයුතු මේ වන විට අවසන් අදියරට පැමිණ ඇති බවත්, ඉන් දැනටමත් සාධනීය සහනයක් ජනතාවට ලැබෙමින් පවතින බවත් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
අතීතයේ පැවති යුධමය වාතාවරණය හමුවේ ද ආරක්ෂක පියවරක් ලෙස මෙම මාර්ගය දෙපස එළිපෙහෙළි කර තිබූ අතර, එකල ද මෙවැනි අනතුරු අවම මට්ටමක පැවති බව හෙතෙම සිහිපත් කළේය.
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු වාරයන්හිදී අවධාරණය වූ මෙම අවශ්‍යතාවය පිළිබඳව වනජීවී දෙපාර්තමේන්තුවේ කඩිනම් අවධානය යොමුකළ යුතු බව ද මන්ත්‍රීවරයා මෙහිදී අවධාරණය කළේය.
