කුණාටු ආධාර 25000 නොලැබුණැයි විරෝධතා...


දිඹුල පතන පොලිස් වසමට අයත් ලොග්ගිල් වතුයායේ වතු කම්කරුවන් පිරිසක් තමන්ට රු.25000ක රජයෙන් ලබා දුන් මුදල මෙතෙක් නොලැබුණ බව පවසමින් එම වතුයායේ වතු කම්කරුවන් පිරිසක් විරෝධතාවයක නිරත විය.

හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ කොටගල ලොග්ගිල් වතුයායට පිවිසෙන මාර්ගය අසලදී මෙම විරෝධතාවය සිදු කරන ලදී.

විරෝධතාවයේ නිරතව සිටි වතු කම්කරුවන් කියා සිටියේ දිට්වා සුලි කුණාටුවෙන් තම වතු නිවාස 46ක් ජලයෙන් යට වූ බවත්, එසේ ජලයෙන් යට වූ නිවාස අලුත්වැඩියා කර ගැනීම සදහා රජයෙන් ලබා දුන් රු.25000ක මුදල එම වතුයායේ කිහිප දෙනෙකුට පමණක් ලැබී ඇති බවයි.

තමන් වතුකරයේ වෙනත් වෘත්තිය සමිතියක සාමාජිකයන් නිසා තමන්ට එම මුදල ලබා දීම ප්‍රතික්ෂේප කලේද යන්න පිලිබදව සැකයක් පවතින බවයි උද්ගෝෂණයේ නිරතව සිටි වතු කම්කරුවන් කියා සිටියේ.

මෙම විරෝධතාවය අතරට පැමිණි කොටගල ප්‍රාදේශීය සභාවේ (සජබ) මන්ත්‍රී පුෂ්පා විෂ්වනාදන් මහතා නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මියට දුරකථන ඇමතුමක් ලබා ගෙන කියා සිටියේ ඩෙවෝන් දිය ඇල්ලට ජලය ගලා බසිනා ඩෙවෝන් ඇල පිටාර ගැලීමෙන් ලොග්ගිල් වතුයායේ සහ ජනපදයේ නිවාස 46ක් අඩි 8-9 ඉහළට ජලයෙන් යට වූ බවයි.

දිස්ත්‍රික් ලේකම්වරිය කියා සිටියේ වසම භාර ග්‍රාමසේවා නිළධාරිවරයාගේ නිර්දේශමත මුදල් ගෙවීම් සිදු කර ඇති බවත්, එම මුදල කොටස් වශයෙන් ගෙවන නිසා ඉදිරියෙදි එම මුදල නොලැබුණ අයට එම මුදල ලැබෙන බවයි.

රංජිත් රාජපක්ෂ

5 Comments

  1. ලපයාගේ පච නිසා මිනිසුන් තක්බීර් වෙලා

    ReplyDelete
    Replies
    1. Ranil mahinda wimal kiyanne atta kiyapu pinwath horikada minissu😂

      Delete
  2. Pinata dennna epa mun boru gahanne

    Jalayen yata wuna ayata witaray dunne

    ReplyDelete
  3. එකෙකුට රෙද්දෙ rewila වගේ.

    ReplyDelete
  4. පච ආන්ඩුව ඔක්කොම අකුලගෙන යනවා

    ReplyDelete
Previous Post Next Post