මෙරටට ගෙන්වන ලද මෝටර් රථ 300කට ආසන්න සංඛ්‍යාවක් මාස හයක පමණ කාලයක සිට කොළඹ සහ හම්බන්තොට වරාය තුළ ගොඩගැසී පවතින බව වාර්තා වේ.
මීට මූලික හේතුව වී ඇත්තේ රේගු දෙපාර්තමේන්තුව විසින් අලුතින් පනවා ඇති අධිභාර ගාස්තු ගෙවීමට සිදුවීම නිසා ඒවා නිදහස් කර ගැනීමට නොහැකි වීමයි.
නීත්‍යනුකූල බැංකු පටිපාටිය (LC) අනුගමනය කරමින් පෞද්ගලිකව ආනයනය කළ මෙම වාහන සඳහා රේගුව විසින් අය කරන අමතර ගාස්තු ඉතා අසාධාරණ බව ආනයනකරැවන් පවසති.
සාමාන්‍ය රජයේ බදු මුදලට අමතරව පනවා ඇති මෙම නව අධිභාරය හේතුවෙන්, වාහනයේ මුළු වටිනාකමින් අඩකට ආසන්න ප්‍රමාණයක් රේගුවට ගෙවීමට සිදුව ඇත.
වරාය තුළ වාහන රඳවා තැබීම හේතුවෙන් එක් වාහනයක් සඳහා රුපියල් ලක්ෂ 30ත් 50ත් අතර විශාල ප්‍රමාද ගාස්තුවක් ගෙවීමට සිදුව ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමයේ විධායක නිලධාරී දමිත් මලවිතන්තිල මහතා සඳහන් කළේය.
මෙම අර්බුදය හමුවේ දැඩි මූල්‍ය අපහසුතාවයකට පත්ව සිටින ආනයනකරුවන්ට, අදාළ ප්‍රමාද ගාස්තු පියවා ගැනීම සඳහා පවා වෙනත් පාර්ශවයන්ගෙන් ණය ලබා ගැනීමට සිදුව ඇති බව එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අවධාරණය කෙරිණි.

නාකි සීවලී වේස තට්ටයා මිනිස්සු මංකොල්ල කනවා
ReplyDelete