සුළි කුණාටුවෙන් පසු නිර්මාණය වූ ආපදා තත්ත්වය සහ ඉන් පීඩාවට පත් ජනතාවගේ වත්මන් තත්ත්වය පිළිබඳව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවක නව සංස්කරණයක් පහත දැක්වේ.
පීඩිත ජනතාවගේ සහ දරුවන්ගේ සුබසාධනය සඳහා UNICEF මැදිහත්වීම
පසුගියදා ඇති වූ දිවා සුළි කුණාටුවත් සමඟ හටගත් ගංවතුර සහ නායයෑම් හේතුවෙන් අවතැන් වූ පවුල් දහස් ගණනක් තවමත් දැඩි අසීරුතාවට පත්ව සිටින බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල අනාවරණය කරයි.
පවුල් 48,350 ක් පමණ ස්වකීය නිවෙස්වලින් බැහැරව තාවකාලිකව ඥාති හිතමිත්රාදීන්ගේ නිවාසවල හෝ කුලී පදනම මත ලබාගත් ස්ථානවල රැඳී සිටිති.
තවමත් පවුල් 2,199 ක් සහන සේවා මධ්‍යස්ථානවල ජීවත් වෙති.
අවතැන් වූ පිරිස ක්‍රමයෙන් අඩුවෙමින් පැවතුණද, ඔවුන්ට අවශ්‍ය පෝෂ්‍යදායී ආහාර, සනීපාරක්ෂක පහසුකම්, මානසික සෞඛ්‍ය උපදේශනය සහ පවුල් ඒකක විසිර යාම වැළැක්වීමේ වැඩපිළිවෙළ තවදුරටත් අත්‍යවශ්‍ය වී තිබේ.
සුළි කුණාටුව හේතුවෙන් මෙරට දරුවන් 8,90,000 කගේ අධ්‍යාපන කටයුතු අඩාල විය. මෙයට පාසල් ශිෂ්‍යයන් 8,22,751 ක් සහ පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානවල (පෙර පාසල්) දරුවන් 68,000 ක් ඇතුළත් වන බව එම වාර්තාව පෙන්වා දෙයි.

ලප සාපය. ලප පචය.
ReplyDeleteමේ රටේ මිනිස්සු විහින් රැවටිලා විහින් නැහුනා. කිසිම මනුස්සකමක් නැති පාහරයෙක් නායකය කරගෙන, ඒ වගේම මෝඩ රැලක් මන්ත්‍රීලා ඇමතිවරු කරගෙන මල් පැල කියලා වල් හබුරු වලට රැවටිලා දැන් සද්ද නැතුව දුක් විඳිනවා.
ReplyDelete