ගුරු සමුපකාරයේ උත්සවයක් අරලියගහ මැදුරේ ශාලාවේ..


අධ්‍යාපන ක්ෂේත්‍රයේ සේවය කරන රජයේ නිලධාරීන් සාමාජිකත්වය දරන, අධ්‍යාපන සේවක සකසුරුවම් ණය දෙන සමුපාකාර සමිතියේ (ඊ.ඩී.සී.එස්.) සාමාජිකයන්ගේ, විශ්වවිද්‍යාලවලට තේරුණු දරුවන්ට දෙන රුපියල් පහළොස් දහසේ ශිෂ්‍යාධාරය ලබා ගැනීම සඳහා, මෙවර ඒ දරුවන්ට රුපියල් දසදහසකට වැඩි මුදලක් වැය කරන්නට සිදුව ඇතැයි ලංකා ගුරු සංගමයේ උප සභාපති අශෝක චන්ද්‍රසේකර පවසයි.

ඒ මෙවර එම ශිෂ්‍යාධාරය ගැනීමට දුරබැහැර සිට පවා කොළඹ පැමිණීමට සිසුන්ට සිදුවී ඇති බැවින් යැයිද ඔහු කියයි.

එමෙන්ම ශිෂ්‍යාධාර පිරිනැමීම සඳහා මෙවර ඔවුන්ව අරලියගහ මන්දිරයට කැඳවීමට තීරණය කිරීම බරපතළ අනීතික ක්‍රියාවක් බවත්, ශිෂ්‍යාධාර පිරිනැමීමක් වෙනුවෙන් මෙලෙස උත්සවයක් සංවිධානය කිරීම සාමාජික මුදල් අවභාවිත කිරීමක් බවත් ඔහු පෙන්වා දෙයි.

මෙම සමුපාකාර සමිතියේ සාමාජිකයන්ගේ දරුවන් උසස් පෙළ සමත් වී විශ්ව විද්‍යාලයට තේරී පත්වෙන අවස්ථාවලදී ඔවුන් වෙනුවෙන් රුපියල් දොළොස් දහසක ශිෂ්‍යාධාරයක් පිරිනැමෙන බවත් එය අදාළ සමුපකාර සමිතියේ තීරණයක් මත සාමාජිකයන්ට හිමි වරප්‍රසාදයක් බවත් ඔහු කියයි.

නමුත් 2023- 2024 අධ්‍යන වර්ෂයට අදාළව උසස් පෙළ සමත් ශිෂ්‍යයන්ගේ දෙමාපියන් සහ ශිෂ්‍යයන් අරලියගහ මන්දිරයට කැඳවා අදාළ ශිෂ්‍යාධාර පිරිනැමීමට මෙම සමුපාකාර සමිතියේ පාලන අධිකාරිය තීරණය කර ඇතැයි ඔහු කීය. 

සිසුන් කොළඹට කැඳවීමේ දී නීති මාලාවක්ද හඳුන්වා දී තිබෙන අතර සිසුන් සැරසී පැමිණිය යුතු ඇඳුම පවා නියම කර ඇති බවත් ඔහු පවසයි. මෙම උත්සවය අරලියගහ මන්දිරයේදී පැවැත්වෙන්නේ අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් බවද කැඳවීම් ලිපියේ සඳහන් කර ඇති අතර ශිෂ්‍යත්වලාභී දරුවන් මාපියන්ගෙන් එක් අයෙකු සමග පමණක් පැමිණිය යුතු බව සඳහන් කර ඇතැයිද අශෝක චන්ද්‍රසේකර පෙන්වා දෙයි.‍

ශිෂ්‍යාධාරය හිමිකමක් වන නමුත් උත්සව පැවැත්වීම සඳහා වැය කරන්නේ කාගේ මුදල්ද යන්න මෙහිදී යළි විමසා බැලිය යුතු බවත් ඔහු පෙන්වා දෙයි.

පසුගිය පාලන සමයන්හිදී බරපතළ මූල්‍ය අක්‍රමිකතාවයන් සිදු වූ මෙම සමුපකාර සමිතිය මේ වනවිට පාලනය කරනු ලබන්නේ මාලිමාවට සම්බන්ධ පිරිසක් විසින් වන අතර සාමාජිකයන් දැඩි විශ්වාසයෙන් යුතුව ඔවුන්ට මනාපය පළ කළේ, දූෂණ අක්‍රමිකතා වළක්වන බවට දුන් පොරොන්දු හේතුවෙන් බවත්, ලංකා ගුරු සංගමයේ උප සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

3 Comments

  1. මේ රටේ මිනිස්සු විහින් ‍රැවටිලා විහින් නැහුනා. කිසිම මනුස්සකමක් නැති පාහරයෙක් නායකය කරගෙන,
    ඒ වගේම මෝඩ ‍රැලක් මන්ත්‍රීලා ඇමතිවරු කරගෙන
    මල් පැල කියලා වල් හබුරු වලට ‍රැවටිලා දැන් සද්ද නැතුව දුක් විඳිනවා.

    ReplyDelete
  2. එනකොට කිව්වෙ නම් කොහොමද, රජයේ සල්ලි බෙදන්න උත්සව මොකටද ඇහුවා.
    ඔය සල්ලි මිනිස්සුන්ගේ සල්ලි කිව්වා,
    ජනාධිපති තමන්ගේ සල්ලි වලින්ද ඔය බෙදන්නේ, පාරවල් හදන්නේ කියලා ඇහුවා
    උන් ඇවිත් හදන පාරට විතරක් නෙමේ වලවල් වහන්නත්, බස් එකක් දාන්නත් උත්සව තියනවා. මී හරක් ටික අනේ සෝයි කිය කියා සැනසෙනවා.

    ReplyDelete
Previous Post Next Post