ලක්‍ෂ 50 වන්දි දෙන්නේ ‘දිට්වා’ කුණාටුවෙන් කැඩුනු ගෙවල් වලට විතරයි.. අලුතෙන් කැඩෙන ඒවට නෑ..

 


ස්වාභාවික විපත් හේතුවෙන් පීඩාවට පත්වන ජනතාවට ලබාදෙන සහනාධාර මුදල 2026 වසරේ සිට රුපියල් ලක්ෂ 25 දක්වා ඉහළ නැංවීමට රජය තීරණය කර ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේ ආපදා සහන සැපයීම සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවකදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ දිට්වා සුළි කුණාටුවට අදාල සහන ක්‍රමය යටතේ ලබා දුන් රුපියල් ලක්ෂ 50 ක සහනාධාරය, ඉදිරියේදී සිදුවන නායයෑම් සඳහා හිමි නොවන බවයි.

දැනට පවතින සාමාන්‍ය ක්‍රමවේදය යටතේ නායයෑමකට ලක්වූවෙකුට නිවසක් සාදා ගැනීමට රුපියල් ලක්ෂ 12 ක් සහ ඉඩමක් ලබා ගැනීමට රුපියල් ලක්ෂ 4 ක් වශයෙන් මුළු රුපියල් ලක්ෂ 16 ක මුදලක් හිමිවන බව ඔහු පෙන්වා දුන්නේය.

අයවැය ප්‍රතිපාදන සහ සහන සංශෝධනය 2026 අයවැය මගින් දැනට පවතින රුපියල් ලක්ෂ 16 ක සහනාධාරය ලක්ෂ 25 දක්වා වැඩි කිරීමට පියවර ගෙන ඇත.

එමෙන්ම ජනාධිපතිවරයා විසින් මෙම මුදල තවදුරටත් ඉහළ නැංවීම පිළිබඳව අවධානය යොමු කර ඇති බවත්, අයවැයෙන් වෙන් කෙරෙන මුදල් ප්‍රමාණය සලකා බලා ඒ පිළිබඳ අවසන් තීරණයක් ගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

වංචනික ලෙස සහන ලබාගැනීම වැළැක්වීම දැනට සිදුවන නායයෑම් පවා "දිට්වා" සහන ගණයට ඇතුළත් කර වැඩි මුදලක් ලබා ගැනීමට ඇතැම් පිරිස් උත්සාහ කරන බැවින්, විපතට පත්වූවන් නිවැරදිව හඳුනාගෙන ලැයිස්තුගත කිරීමේ කටයුතු කඩිනමින් අවසන් කළ යුතු බව අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

"දිට්වා" සහන සඳහා සුදුස්සන් හඳුනා ගැනීම කඩිනමින් අවසන් කර එම ලැයිස්තු වෙන් කර තැබීමෙන්, අලුතින් සිදුවන නායයෑම් සඳහා වන සහන නිවැරදිව කළමනාකරණය කළ හැකි බව ඔහු වැඩිදුරටත් පැවසීය

2 Comments

  1. අපේ හිල්මන් සර් සුදුවෙලා මහත්වෙලා
    අපිට හරිම ආඩම්බරයි
    දැන් සර් පරණ හිල් වලට කීයක්වත් දෙන්නේ නැද්ද

    ReplyDelete
  2. If somebody has received this so called fund to build his house or land , Please comment here

    ReplyDelete
Previous Post Next Post