අගමැතිනි මොඩියුල විශේෂඥයෙක් නෙමෙයි.. පොඩි අඩුපාඩු වෙන්න පුළුවන්..- සමන්මලී..


නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරද්දී යම් අඩුපාඩු සිදුවිය හැකි බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය මුලින්ම පැවසුවේ යැයි ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීනී සමන්මලී ගුණසේකර මහත්මිය සඳහන් කරයි.

රජය විසින් ගන්නා ප්‍රගතිශීලී ක්‍රියාමාර්ගයන් ආපසු හැරවීමට කිසිසේත්ම සූදානම් නැති බවද ඇය සඳහන් කරන්නීය.

අග්‍රාමාත්‍යවරිය අධ්‍යාපන මොඩියුල සම්බන්ධයෙන් විශේෂඥවරියක් නොවන බවත් ඒ සම්බන්ධයෙන් වගකීම රජය විසින් විශේෂ කණ්ඩායමකට පවරා ඇති බවත් ඇය පෙන්වා දෙයි.

අග්‍රාමාත්‍යවරිය මෙම ක්‍රියාවලියට නායකත්වය පමණක් ලබාදෙන බවත් අදාළ කටයුතු නිරතුරුව නිලධාරීන් තමන්ගේ රාජකාරීන් සම්බන්ධයෙන් වගකීම දැරිය යුතු බවත් මන්ත්‍රීවරිය කියා සිටී. 

මෙහිදී යම් කුමන්ත්‍රණයක් සිදුව ඇතිනම් ඒ පිළිබඳව ඉදිරියේදී රටට හෙළිදරව් කරන බවවත් ඇය තවදුරටත් කියා සිටියාය.

වැඩසටහනක සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් ගුණසේකර මහත්මිය මෙම අදහස් පල කළාය.

6 Comments

  1. Oka wimal ta dunna nam iwarayneh..

    Magadi bazil hinda be kiyala penala yay

    ReplyDelete
    Replies
    1. සමන්මලී තමුසෙලා රුපියල් පන්දාහට අවුරුදු දාසයේ කොල්ලො කෙල්ලො සෙට් කරන්න හැදුවෙත් නොදන්නාකම හින්දද ? පල පල පල වේ..පල

      Delete
    2. මේ සට්ටැඹියට විමල් එක්ක තියෙන කේස් එක මොකද්ද?

      Delete
  2. දරුවෝ නැති වඳ උඹලාට අසැබි වෙබ් සයිට් තියන මොඩියුල පොඩි වෙන්න පුලුවන් නමුත් රටේ දරුවන් ඉන්න දෙමාපියන්ට උඹලා හිතාමතාම කරන්න හදපු කුපාඩි වැඩේ බරපතලකම තේරෙනවා. අගමැතිනි ඉල්ලා අස්වෙන්න ඕනමයි.

    ReplyDelete
  3. අහ් හොද පොඩි අඩුපාඩුව......

    ReplyDelete
  4. This is serious issue, Russia such activities has been banned , why ? Is Sri Lanka is developed than Russia, all these country rule as their culture , and history, we have at leasest 5000 year history , since Ravana.
    WE Must promot our history not only to sri Lanka , but world , without our history ,cultuer , HELA Jathiya wil vanished in 50 years..
    If there are people who want to destroy the Nation cultuer and history, they must be in the jail on treason charges. thiis is cospiracy against a Nation. find out and put them in the jail

    ReplyDelete
Previous Post Next Post