නැයයෑමෙන් පසු කොත්මලේ ජලාශයේ විශාල වැලි හා මඩ කන්දක්..

 


දිට්වා සුලි කුණාටුවෙන් කොත්මලේ ප්‍රදේශයේ සිදු වූ නායයෑම් වලින් පසු කොත්මලේ ජලාශයට විශාල වශයෙන් රෝන් මඩ සහ වැලි ගලාගෙන විත් තැම්පත් වී ඇති අයුරු අප ඩ්‍රෝන කැමරාවේ මෙසේ සටහන් විය.

එම ජලාශයේ රම්බොඩ ගම ප්‍ර දේශයෙන් මෙසේ රොන් මඩ සහ වැලි ගලාගෙන විත් වැලි කදු වශයෙන් තැම්පත් වී ඇත.

එසේ තැම්පත් වී ඇති වැලි ගොඩගෙන ප්‍රදේශයේ සංවර්ධන කටයුතු සදහා භාවිතා කල හැකි බවත්, එසේ ජලාශයේ තැම්පත් වී ඇති වැලිගොඩ ගැනීමෙන් ජලාශයේ ජල මට්ටමද වැඩි ප්‍රමාණයක් රදවා ගැනීමට හැකියාව ලැබෙන බවයි කොත්මලේ ප්‍රදේශවාසින් කියා සිටින්නේ.

එම නායයෑමෙන් රම්බොඩගම ප්‍රදේශයේ ගාල් කර තිබූ බැකෝ යන්ත්‍රයක්, ලොරි රථ දෙකක්, වැන් රථයක්, මෝටර් රථයක් සහ යතුරුපැදියක් අතුරුදහන් වී ඇති බවට කොත්මලේ පොලිසියට පැමිණිලි ලැබී ඇති බවත්, එම වාහන ජලාශයට ගසාගෙන ගොස් ජලාශ පතුලේ තැම්පත් වී ඇති බවට සැක කරන බවයි කොත්මලේ පොලිසියේ නිළධාරියෙකු කියා සිටියේ.

රංජිත් රාජපක්ෂ              

Previous Post Next Post