රජයේ රෝහල් පුද්ලික රෝහල් සමග හවුල් ව්‍යාපාරයකට කැබිනට් අනුමැතිය...


රජයේ රෝහල් 80 ක මේ වන විට රුධිර කාන්දු කරණ සේවාවන් පවතින නමුත්, වැඩි වන සායනික ඉල්ලුම සපුරාලීම සඳහා පවතින පහසුකම් ප්‍රමාණවත් නොවන බව නිරීක්ෂණය වී ඇත. 

ඒ හේතුවෙන් වකුගඩු රෝගීන්ට මුහුණ දීමට සිදු වන අපහසුතා සැලකිල්ලට ගෙන, රුධිර කාන්දු කරණ සේවා පුළුල් කිරීමේ අවශ්‍යතාව හඳුනා ගනු ලැබ තිබේ. 

ඒ සඳහා දැනටමත් මහනුවර ජාතික රෝහලේ ක්‍රියාත්මක කරනු ලබන ක්‍රම වේදය මඟින් ලබා ගෙන ඇති අත්දැකීම් මත පදනම්ව, හඳුනාගත් රජයේ රෝහල් වල රුධිර කාන්දු කරණය සඳහා රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරීත්ව ක්‍රම වේදය යටතේ සුදුසු මාදිලියක් හඳුනා ගැනීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සැලසුම් කරනු ලැබ ඇත. 

යෝජිත ක්‍රමවේදය යටතේ රුධිර කාන්දු කරණ යන්ත්‍ර, ප්‍රතිලෝම ආස්‍රැති පද්ධති, අවශ්‍ය පාරිභෝජ්‍ය ද්‍රව්‍ය, ක්‍රියාකාරිත්වය සහ නඩත්තුව පෞද්ගලික හවුල්කරු විසින් සම්පූර්ණයෙන් මූල්‍ය කරණය කර කළමනා කරණය කිරීමටත්, සම්පූර්ණ සායනික අධීක්ෂණය රඳවා ගනිමින් රජය විසින් යටිතල පහසුකම් සැපයීමටත් අපේක්ෂා කෙරේ. 

ඒ අනුව, තෝරා ගත් රජයේ රෝහල්වල රුධිර කාන්දුකරණ සේවා පුළුල් කිරීම සඳහා රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රම වේදය ක්‍රියාත්මක කිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

3 Comments

  1. මෙන්න නිදහස් සෞඛ්‍ය සේවය විකුණනෝ කියල කෑ ගහන්න එකෙක් නෑනේ අම්මපා....

    ReplyDelete
    Replies
    1. Exactly. What if Ranil W did the same thing? These damn JVP asshxxxx will cry foul. Good that these JVP bastards got exposed for the misery they brought to SL in last 50 years.

      Delete
  2. පහූගිය කාලයේ රට පාලනය කරපු සෑම ආන්ඩුවක් කරන්න උත්සාහ කල සෑම හොද යෝජනාවකටම ජෙප්පෝ විරුද්ධ උනා. මිනිස්සු පාරවල් වලට අසවලා උද්ගෝෂන, වර්ජන, පිකටිං හර්තාල් වැනි කරන්න පුලුවන් හැම බාධාවක්ම කලා. අන්තිමේදී ඒ සෑම රජයකටම මහජන විරෝධතා ඉදිරියේ , රට වෙනුවෙන් තමුන් කරන්න යෝජනා කල සෑම සියලු හොද යෝජනාවක්ම අකුලා ගන්න වුනා. රට ආපස්සටම ගියා. දැන් කරන්න තියෙන්නේ ජේවීපී- මාලිමා ආන්ඩුව ලව්වා පෙර ආන්ඩු කරන්න උත්සහ කල යෝජනා සියල්ලම අනුමත කරවාගන, ඊට පස්සේ ජෙපි- මාලිමා ආන්ඩුවේ පස්සට ගහලා එලවලා දාන එකයි.

    ReplyDelete
Previous Post Next Post