වත්මන් රජය සිය පාලන කාලයේ මුල් සතියේ සිටම දූෂණ සහ වංචාවල නිරත වන බවට චෝදනා කරමින්, මන්ත්‍රී ඩී.වී. චානක මහතා පාර්ලිමේන්තුවේදී මහා පරිමාණ ගල්අඟුරු වංචාවක තොරතුරු අනාවරණය කළේය.
ඔහු පවසන පරිදි, රජය විසින් නියමිත පටිපාටියෙන් බැහැරව කටයුතු කරමින් රුපියල් කෝටි ගණනක අලාභයක් රටට සිදු කර ඇත.
සාමාන්‍යයෙන් අප්‍රේල් මාසයේ කැඳවිය යුතු ගල්අඟුරු ටෙන්ඩරය, සැප්තැම්බර් මාසය දක්වා කල් දැමීමට රජය කටයුතු කර ඇත.
ජාත්‍යන්තර අත්දැකීම් නොමැති සමාගම් දෙකක් ලියාපදිංචි වන තෙක් මෙම ටෙන්ඩරය කල් දමා ඇති බවට මන්ත්‍රීවරයා චෝදනා කරයි.
ජාත්‍යන්තර ටෙන්ඩරයක් සඳහා ලබා දිය යුතු සති 6 ක (දින 42) අවම කාලය, සති 3 ක් (දින 21) දක්වා රජය විසින් අඩු කර ඇත. සැපයුම්කරුවන් කාලය මදි බව දන්වා තිබියදීත්, ටෙන්ඩරය විවෘත කර ඇත්තේ අදාළ සමාගමට අවශ්‍ය පහසුකම් සලසා දීමට බව ඔහු පවසයි.
ලංකාවට ගෙනා පළමු ගල්අඟුරු නැව් දෙකේ Calorific value 5600-5800 අතර පවතින බව ලක්විජය බලාගාරයේ පරීක්ෂණවලින් තහවුරු වී ඇත. ගල්අඟුරු ටෙන්ඩර් මාර්ගෝපදේශ අනුව මෙය අවම වශයෙන් 5900 විය යුතුය.
ප්‍රමිතියෙන් තොර නිසා, මෙගාවොට් 300 ක් නිපදවීමට සාමාන්‍යයෙන් වැය වන ගල්අඟුරු ටොන් 107 වෙනුවට ටොන් 120 ක් වැය වන බව හෙළි වී තිබේ.
මේ අනුව, පැයකට එක් බොයිලේරුවකට ටොන් 13 ක් බැගින්, දිනකට ගල්අඟුරු ටොන් 936 ක් වැඩිපුර දහනය කිරීමට සිදු වේ. මෙලෙස බාල ගල්අඟුරු ගෙන ඒම නිසා වසරකට අමතරව තවත් නැව් 6 ක් ගෙන්වීමට සිදු වන අතර ඒ සඳහා රුපියල් කෝටි ගණනක අතිවිශාල පිරිවැයක් දැරීමට සිදු වන බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
ගල්අඟුරු ගෙන්වා ඇත්තේ දකුණු අප්‍රිකාවෙන් වුවද, එහි රසායනාගාර වාර්තා ලබාගෙන ඇත්තේ ඉන්දුනීසියාවෙන් වීම ගැටලු සහගත බව මන්ත්‍රීවරයා පවසයි. ලක්විජය බලාගාරයේ රසායනාගාර වාර්තා පිළිගැනීමට විෂයභාර අමාත්‍යවරයා ප්‍රතික්ෂේප කර ඇති අතර, වංචාව හෙළි කළ නිලධාරීන් වැරදිකරුවන් කිරීමට උත්සාහ කරන බවටද ඔහු චෝදනා කරයි.
පිරිසිදු පාලනයක් පිළිබඳ පොරොන්දු දුන් ආණ්ඩුව, සහල්, ලූණු සහ ඉන්ධන මෙන්ම දැන් ගල්අඟුරු මගින්ද මහා පරිමාණ දූෂණ සිදු කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

පුන රුදාව
ReplyDeleteඩෝබිලාට මේ පාර ලේසි වෙන්නෙ නෑ. දැන් හෝදන්න වෙලා තියෙන්නෙ ගල් අඟුරු.
ReplyDeleteJVP, NPP වල තිබුනු ආදායම් මාර්ගය මොකක්ද? කාගෙ හරි උවමනාවල් වලට උද්ගෝසන කරන එක. ස්ට්‍රයික් කරන එක. අය වැයවල් වලට චන්ද දෙන එක නොදෙන එක. පොරොජෙක්වලට විරුද්ද වෙන එක. ඕනම අලුත් ප්‍රොජෙක්ට් එකකට අකමැති සෙට් එකක් ඉන්නව. Ex: port city -> India, SAITM -> Sri Lankan Ed agents, GOTA Gov -> Diaspora. සමහරු USAID වලින් වගේ NGO වලින් සල්ලි අරගෙන සමරිසි ප්‍රර්වර්දනය සහ ලමා මනස විකුර්ති කරපු උන්. මේක තේරුන් ගන්න බැරි අපේ මිනිස්සු, මුන් සුපිරි වැඩ්ඩො කියල හිතාගෙන බලේ දුන්න. මුන් ඔක්කොම ආත්මයක් නැති කාලකන්නි.
ReplyDelete