විදුලි ගාස්තු වැඩි කරන්නද එපාද..- ජන මත විචාරණයක්..

 


විදුලි මිල වෙනස් කිරීම සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේදී මහජන අදහස් විමසීම අනිවාර්ය බවත්, අවසන් නිවේදනය නිකුත් කරනුයේ එම ක්‍රියාවලියෙන් පසුව බවත් මහජන උපයෝගිතා කොමිෂන් සභාව අවධාරණය කරයි. 

කොමිසම සඳහන් කරන්නේ මේ සඳහා අවම වශයෙන් සති තුනක කාලයක් ගතවනු ඇති බවයි.

මණ්ඩලයේ යෝජනා මේ වන විටත් අධ්‍යයනය කරමින් පවතින අතර, මහජන අදහස් විමසන ආකාරය පිළිබඳ තොරතුරු මෙම සතිය තුළ ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

වසරේ මුල් කාර්තුව වෙනුවෙන් විදුලිබල මණ්ඩලය විසින් සියයට 11.57ක මිල ඉහළ දැමීමක් අපේක්ෂා කරයි.

මහජන මතයට අමතරව, අදාළ පනත් ප්‍රකාරව සහ නියමිත ගාස්තු සමීකරණ රීතීන්ට අනුකූලව මෙම ඉල්ලීම සාධාරණ දැයි කොමිසම විසින් දැඩි ලෙස විමසා බලනු ඇත.

4 Comments

  1. Ok. no problem :D

    ReplyDelete
  2. ගොං වැඩ වලට වියදම් කරන්න එපා බම්. මහජනතාව එකෙක්වත් බිල වැඩි කරනවට කැමති නෑ. ඒත් බිස්නස් එකක් රන් කරද්දි කස්ටමර්ස් ලගෙන් අහල බඩුවල හරි සේවාවන් වල හරි ගණන් වැඩි කරන ප්‍රැක්ටිස් එකක් මේ සක්වලේ ම නෑ. ඒ හින්ද ඔය විකාර වලට වියදම් කරන එක නවත්තල ඒ සල්ලිත් වැඩක් ඇති වැඩකට දාපල්ලා.

    ReplyDelete
    Replies
    1. මුන් මෙතන හොර වැඩක් කරන්නේ මතය විමසයි හැමෝම කියයි එපා කියාලා නමුත් ප්‍රතිපල එලියට දාන්නේ හැමෝම කැමතියි කියලා එතකොට ජනතාවට කියන්නේ අපි මතය විමසුවා ජනතාව කැමැත්ත දුන්නා කියලා

      Delete
Previous Post Next Post